IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


වෘත්තීය සමිති 9කට කොළඹ තැන් 10ක් තහනම්

(ඉන්දිකා රාමනායක)

කොළඹ ලිෆ්ටන් වටරවුම හා අවට ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් අද (28) පැවැත්වෙන විරොධතාවන් ට අද පෙරවරු 10.30 සිට හෙට (29) පෙරවරු 10.00 දක්වා කාලය තුළ කොළඹ ජාතික රෝහල් චතුරශ්‍රය ඇතුලු ස්ථාන 10 ට අසල උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීම තහනම් කරමින් වෘත්ති සමිති හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් 9 දෙනකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා තහනම් ආඥාවක් නිකුත් කළේය.

දුමින්ද නාගමුව, රොෂේන් සමීර, ටැම්පිටියේ සුගතානන්ද හිමි, ජගත් ධම්මික මුනසිංහ, තැන්නේ ඥාණානන්ද හිමි, ජේ බී ගුරුසිංහ, චින්තක රාජපක්ෂ, නයනා රංජනී, නිලාන් ප්‍රනාන්දු, ළහිරු චතුරංග වීරසේකර, විදර්ශන කන්නංගර යන පිරිසට මෙලෙස තහනම් නියෝග නිකුත් කර ඇත.

මරදාන පොලිස් වසමේ බණ්ඩාරනායක ගොඩනැගිල්ල , හදිසි අනතුරු ඒකකය , හදිසි ප්‍රතිකාර ඒකකය ,ඇස් රෝහල හා ප්‍රධාන රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ඉදිරිපිට හා ඒ අවට පිහිටා ඇති රෝහල් කටයුතු වලට බාධන වන පරිදි ඩීන්ස් පාර, කිංසි පාර, ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මාර්ග පදිකවේදිකා අහුරමින් උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වීම තහනම් කරමින් මෙම අධිකරණ ආඥාවක් නිකුත් කර ඇත.

මරදාන පොලිසිය මෙම උද්ඝෝෂණ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමක් සැලකිල්ල ගනිමින් මහේස්ත්‍රාක්වරිය මෙම නියෝගය කළ බව පොලිස් මුලස්ථානය පවසයි.

 



අදහස් (5)

වෘත්තීය සමිති 9කට කොළඹ තැන් 10ක් තහනම්

Rata Perata Friday, 28 July 2023 01:56 PM

ගෝඨාභය නම් ගිහිල්ලා බේරුණා. රනිල්ට බලමු මොකද වෙන්නේ කියලා...

:       14       15

Nandalal DE SILVA - France Friday, 28 July 2023 04:25 PM

මෙයත් හරියට එළුවගේ මොකක්ද කුට්ටම වැටෙනකන් පස්සෙන් යන නරියා වගේ...!

:       0       0

rathnayakeFriday, 28 July 2023 04:42 PM

ගෝඨාබය Lawyer කෙනෙක් නෙමෙයි, හැබැයි රනිල් Lawyer කෙනෙක් කියන එක මතක තියාගෙන කථා කරන්න.

:       2       0

පැරකුම් Friday, 28 July 2023 05:16 PM

රටට හෙන ගැහුවත් මොකද අපේ ඡන්ද පදනම වැඩිවෙනවා නම්... අපට ඕනෑ එච්චරයි…!

:       0       0

Chat Sunday, 30 July 2023 08:46 AM

ජාත්‍යන්තරයට මේවා දාන්න ඕනෑ. ඒකාධිපති පාලනයට විරුද්ධව ජනතාව පෙල ගැසිය යුතුයි. මැතිවරණය නොතියා බලය දිගටම තියාගෙන ඉන්න බල ලෝභීන්... බලමුකෝ, ඡන්දෙන් බල්ලෙක් වගේ යන හැටි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site