IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


‘‘වතුකරයට බෙදන රා බොන්න හොඳ නෑ‘‘

(රංජන් කස්තුරි)

ඡන්ද අල්ලසක් ලෙස වතුකරයේ ජනතාවට බෙදා හරින බව කියන කෘත්‍රීම රා පරිභෝජනයට නුසුදුසු සෞඛ්‍යට අහිතකර ඒවා බව සිදුකළ මූලික වි ම ර් ශනවලදී අනාවරණය වූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

ඡන්ද අල්ලසක් ලෙස රා බෙදා හරින බවට මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් විසින් තම සංගමයට සිදුකළ පැමිණිල්ලකට අනුව සිදුකළ මූලික විමර්ශනයකදී මේ බව අනාවරණය වූ බවද උපුල් රෝහණ මහතා සඳහන් කළේය .

එම පැමිණිල්ලට අනුව තම සංගමයට සිදුකළ හැක්කේ සෞඛ්‍යමය පරිහානිය ගැන සොයා බැලීම වන අතර ඒ පිළිබඳව ඉතා විධිමත් පරීක්‍ෂණයක් සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කරගෙන තිබෙන බවද වතුකරයේ ජනතාව වෙත ගොස් එම පරීක්ෂණය සිදු කර වා ර් තා වක් ඉදිරිපත් කරන බවද උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

මෙලෙස කෘත්‍රීම රා බෝ තල් පරිභෝජනය නිසා ඇතැම් කම්කරුවන් දින ගණනාවක් රැකියාවලට නොපැමිණෙන බවට වතු පරිපාලන අධිකාරිය විසින්කරන ලදැයි කියන පැමිණිල්ල පිළිබඳව තම සංගමයේ විශේෂ අවධානයක් යොමු වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

 

 



අදහස් (3)

‘‘වතුකරයට බෙදන රා බොන්න හොඳ නෑ‘‘

සෙනෙවිරත්න Tuesday, 27 August 2024 06:27 AM

ඔහොම චන්ද දිනවල රටම වලපල්ලට යනව, දැන් වත් තේරුම් ගනිල්ල

:       0       14

Nimal Tuesday, 27 August 2024 11:37 AM

මෝඩ මිනිහා මොනවා වුණත් රැවටිලා ඡන්දය දෙනවා...ඔවුන්ගේ මෝඩකම් හදන්න බෑ කොහොමටවත්....බුද්ධීමත් අයවත් හිතලා බලලා ඡන්දේ ප්‍රකාශ කරන්න. නැත්නම් තව අවුරුදු 100 ක් ගියත් මේ රට මෙතැන තමයි

:       0       1

pakeer Tuesday, 27 August 2024 03:11 PM

හොඳ වැඩේ ඔය කට්ටිය පස්සේ යනවාට...! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 632 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site