(රංජන් කස්තුරි)
වතුකම්කරුවන් ඉල්ලා සිටින පරිදි දිනකට රුපියල් 1000ක මූලික වැටුපක් කිසිසේත් ලබාදිය නොහැකි අතර වතු සමාගම්වලට ලබාදිය හැක්කේ දිනකට රුපියල් 600ක මූලික වැටුපක් පමණක් යැයි ශ්රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති සුනිල් පොහොලියද්ද මහතා කොළඹදී අද (25) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
වතුකම්කරුවකු දිනකට රුපියල් 1000ක මූලික වැටුපක් ඉල්ලා සිටීම අසාධාරණ හා අතාර්කික යැයි ද එසේ දුනහොත් තේ කර්මාන්තය කඩා වැටී රටේ ආර්ථිකයට විශාල බලපෑමක් සිදුවිය හැකි බවද පොහොලියැද්ද මහතා කීය.
වතුකර්මාන්තය ආරක්ෂා කරගනිමින් කම්කරුවන්ට ද අසාධාරණයක් නොවන පරිදි ඔවුන්ට දිනකට රුපියල් 600ක් මූලික වැටුප ලෙස ලබාදීමට වතු හාම්පුතුන් යෝජනා කරන බවද ඔහු කීය.
දැනට වතුකම්කරුවකුට දිනකට ලැබෙන රුපියල් 805ක මුදල රුපියල් 940ක් දක්වා ඉහළ නැංවීමට වතු හාම්පුතුන් යෝජනා කරන නමුත් ඊට කම්කරුවන් හා වෘත්තීය සමිති එකඟ නොවීම අවාසනාවන්ත තත්වයක් යැයිද සුනිල් පොහොලියද්ද මහතා කීවේය.
නව යෝජනාවට අනුව වතුකම්කරුවකුගේ මාසික වේතනය රුපියල් 3375කින් ඉහළ යන බවද ඔහු පැවසීය.
මීට අමතරව තේ දලු කිලෝ 16ත් 18ත් අතර ප්රමාණයට වඩා වැඩිපුර නෙළන කම්කරුවන් සඳහා අමතර තේ දලු කිලෝවකට රුපියල් 28.75 බැගින් ගෙවීමටද යෝජනා කර තිබේ.
එම තීරණයට අනුව දිනකට නියමිත ප්රමාණයට වඩා තේ දලු කිලෝ 3ක් නෙළන කම්කරුවකුට ඒ සඳහා මසකට රුපියල් 1000ක අමතර මුදලක් ලැබෙන බවද සභාපතිවරයා සඳහන් කළේය.
මීට අමතරව වතුකම්කරුවන්ට පහසුකම් සැපයීමට වතු සමාගම්වලට සිදුවන අතර ඒ සඳහා එක් කම්කරුවකු වෙනුවෙන් දිනකට රුපියල් 125ක් වැනි මුදලක් වැය කෙරෙන බවද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සුන්ට දෙන දීමනා වැඩි කරලා නිෂ්පාදනය වෑඩි කරගන්න. අනික ඒ මිනිස්සු ජීවත් වෙන්නෙ අපායවල් වල. පෙරිය දොරේ, සින්න දොරේ බන්ගලාවෙ ඉන්නවා.
කිලෝ 18 කට රුපියල් 940 ක් කියන්නේ කිලෝ එකට රුපියල් 53 ක් ගෙවනවා. දැනට අමු තේ කිලෝ එකක මිල රුපියල් 72යි. පොහොර ගහලා නඩත්තු කලාම වතු හිමියාට ඉතුරුවෙන්නේ මොනවද? මෙයාලා කරන්න ඕනේ දවසට කිලෝ විස්සක් කඩලා 1000 ක් ඉල්ලන එක. එහෙම නැත්නම් වතු හිමියන්ට වෙන්නේ තේ වතු මෙයාලටම බාර දීලා නිකම් ඉන්න.
වතුකම්කරුවන් ඉල්ලා සිටින පරිදි දිනකට රුපියල් 1000 ක මූලික වැටුපක් කිසිසේත් ලබාදිය නොහැකි අතර වතු සමාගම්වලට ලබාදිය හැක්කේ දිනකට රුපියල් 600ක මූලික වැටුපක් පමණක් යැයි ශ්රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති වරයා කියා සිටි. ලංකාවේ දැනට තේ වතුවල සේවය කරන පිරිස වැටුප් වැඩි වීම ඉල්ලන්නේ ඔවුන් වෙනුවෙන් සහ ඔවුන් ගේ පවුල් නඩත්තු කිරීම වෙනුවෙන්ය. ශ්රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සහ රජය දුරබලා කටයුතු නොකළහොත් දැනට වතුකම්කරුවන් ලෙස සේවයකරන අයගේ දුදරුවන් නුදුරු අනාගතයේ තේ වතුවල සේවය කිරීම කෙසේවත් නොකර වෙනත් රැකියාවන් සදහා යොමුවනු අත.
වතු කම්කරුවන්ට විතරක් නෙමෙයි ලංකාවේ බොහොමයක් රජයේ සේවකයන්ගේත් වැටුප් වැඩි කරන්න ඕනේ. බදු මිල ඉහල යනවා එත් වැටුප එතනමයි. විශේෂයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් විෂමතාවය නැති කරන්න ඕනේ.. අවුරුදු තුනක් කැම්පස් ගිහින් තවත් අවුරුදු ගානක් බලන් ඉදලා, ගුරු තරග විභාගයෙනුත් පස් වෙලා ගන්න ගුරුවරයෙක්ගේ වැටුප දිනකට රුපියල් 750- 900 අතර වෙන්නේ. එත් කවදාවත් ගුරුවරු වර්ජන පිකටින් කරලා නැහැ ඒ නිසාම ඔවුන්ට අයිතිවාසිකම් ලැබෙන්නේ නැහැ.
තේ වතු හිමියෝ ගෙදර ඉදන් සැප විදින්නේ, ඒ අයගේ දරු පරම්පරාවන් සැප විදින්නේ මේ මිනිසුන්ගේ දහමිස දිය නිසයි. අනිවාර්යයෙන් මේ මිනිසුන්ගේ පඩි වැඩි විය යුතුය. ඔච්චරම පාඩු ලබන වගාවක්නම් අයිතිකරුවෝ අතක් පයක් හොල්ලානේ නැතිව, සුර සැප විදින්නේ කෙසේද ? ගෙවන්න බැරිනම් , වතු ටික නැවත ආණ්ඩුවට ගත යුතුය .
ඉන්දියාවෙන් හෝ නේපාලයෙන් කම්කරුවන් ගෙන අවොත් අපේ නිෂ්පාදන පිරිවැය අඩුවී ලෝකයේ හොඳ තරගකාරී මට්ටමකට යලිත් අවතීර්ණ වී රටට වැඩි විදේශ විනිමයක් ගෙන ඒමට හැකිවේවි