
(සුජිත් හේවාජුලිගේ)
වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීමේදී තමා අතින් වරදක් සිදුවූ බව පිළිගන්නේ යැයි අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
එය වංචාවක් නොවන බවත් පැහැදිලිවම අතපසුවීමක් බවත් ඔහු සඳහන් කළේය.
තමා ඒ අඩුපාඩුව නිවැරදි කළ බව පැවසූ අමාත්‍යවරයා අධිකරණ ඇමැති වුණත් තමා මනුස්සයෙකු බවද ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සමග පැවති සංවාදයකදීය.
වත්කම් බැරකම් පුරවන ලේඛනය සංකීර්ණ එකක් බවත් තොරතුරු පිරවීමේදී ඕනෑ කෙනෙකුට වරදින බවත් නානායක්කාර මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් උත්තරය දාර්ශනිකයි" කියන්නේ ඔන්න ඕකයි.
ඔබ සමාව අයදීම කෙතරම් අගනා වැඩක්ද? කලින් හිටිය හොරු කොහොමද?
අනේ පව් බබා. මුන්ට මොන ඇමතිකම්ද?
ඕගොල්ලන්ට වැරදුනාම පිලිගන්නවනේ. කලින් අය වගේ රහසින්වත් කිසිම වැරැද්දක් නොකර ඉන්න බැරිද..!!..
විපක්ෂයට වැලේ වැල් නැති වෙලා ඉන්න මොහොතක පිදුරු ගහක හරි එල්ලෙන්න බලාගෙන ඉන්නේ මහත්තයෝ!!!
වැඩේ කියන්නෙ නානායක්කාර මහත්තයා ඔය වැරදීම් වෙන්න පුලුවන් ඔබතුමාලාට විතරයිනෙ. අනෙක් පක්‍ෂයක කෙනෙකුට එහෙම ඔවැනි වැරැද්දක් උනා නම් ඔබතුමා පමණක් නොවෙයි මුලු ආංඩුවමත්, සේදුම් බලකායත් ඒක උස්සගෙන මාධ්‍ය සංදර්ශන පවත්වන හැටි අපට අමුතු දේවල් නෙවෙයිනෙ.
යසපාලිත නිර්මාන යක්, රස සාගරයක්!
මේ යුගය ගැන හිතලා තමයි අපෙන් සමුගත් සුනිල් පෙරේරා මහතා අගනා ගීතයක් කියුවේ — “පහසුවටත්, වාසියටත් දැන දැන වැරදි කරනවා, එහෙම කලත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා” කියලා.159 1 ට නියමෙටම සෙට් වෙනවා
මූ බබා
හ්ම් නීතිඥයෙක් මේ කියන්නේ. නිකම් සාමාන්‍ය මනුස්සයෙක්ට වරදින්න පුළුවන්, එත් පෞද්ගලික ලේකම් කෙනෙක් එහෙමත් ඉන්න ජෙයෂ්ඨ දේශපාලනඥයෙක් කියනව වත්කම් වාර්තාව වැරදුන කියල.
දැන් උඹලා හරි බබ්බු
ඔය සහනය බදු ෆයිල් සහ වත්කම් බැරකම් පුරවන අනිත් මිනිස්සුන්ටත් දෙන්න කියලා ආදායම් බදු ආදී දෙපාර්තමේන්තු වලට කියන්න මහත්තයෝ . මිනිස්සුන්ට තාම ඔය පද්ධති හුරු නැති නිසා අතපසුවීම් වෙනවා.
මේ රටේ ජනතාව හරිම පව්. වැඩ කාරයෝ දහස් ගානක් ඉන්න රටේ, හරි හමන් අධිකරණ ඇමතිකෙනෙක් හොයාගන්නා බෑ.
මේ ඇමතිතුමා අමාත්‍යාංශයේ වැඩ කරද්දි කොච්චර වැරදි කරන්න ඇද්ද කියලා මම දන්නේ නැහැ.???
කොටි ඩයස්පෝරාවට කඩේ යන රටක්, ජාතියක්, ආගමක් නැති ජාත්‍යන්තර පදයට නටන පඹයන් රජ කරපු රැල්ලට යන ගොන්නුන් ඉන්න රටක මොනවා කතා කරන්නද? රෙදි නැතිව ඩෝබිලා තාම හෝදන්න දඟලනවා...
ඔබ රටේ සාමාන්‍ය පුද්ගලයෙක් නොවෙයි අධිකරණ ඇමති! මිනියක් මරලා අත් වැරැද්දක්, ඔය පුද්ගලයා නොවෙයි මරන්න ගියේ, එබැවින් මීනී මැරීමෙ වරදටට යටත් නෑ, මිනීමැරීමට තැත් කිරීමේ වරදට පමණයි යටත්, මොකද මට ඒ පුද්ගලයා මරන්න සිතුවිල්ලක් වත් උවමනාවක් වත් නෑ! මරන්න ඕන කෙනා මැරීමට සැලසුම් කිරීමට පමණයි වැරදි! අධිකරණ ඇමති, නීතිය බල්ලාට!