
(අංජුල මහික වීරරත්න)
නුවරඑළිය, මහනුවර හා බදුල්ල යන දිස්ත්‍රික්ක වල පිහිටි වතු ආශ්‍රිතව තෝරා ගත් පාසල් වල සුහුරු පන්ති කාමර 60ක් ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ඉන්දියානු රජයේ මූල්‍ය ආධාර සහ ශ්‍රී ලංකා රජයේ දායකත්වය යටතේ නුවරඑළිය, මහනුවර හා බදුල්ල යන දිස්ත්‍රික්ක වල පිහිටි තෝරා ගත් වතු ආශ්‍රිත පාසල් වල උසස් පෙළ පන්ති සඳහා සුහුරු පන්ති කාමර 60ක් ලබා දීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස ඉන්දියානු රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා 2023-12-18 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
එම ව්‍යාපෘතිය උසස් පෙළ සිසුන් පමණක් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක කිරීමේ ප්‍රායෝගික ගැටලු සැලකිල්ලට ගෙන, එම සීමාව ඉවත් කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව, අදාළ අවබෝධතා ගිවිසුම සංශෝධනය කරමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාළව පියවර ගනු ලබන බවට ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය සැලකිල්ලට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
570
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
283
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වතු පාසල් වලට සුහුරු පන්ති කාමර හැටක්