(අංජුල මහික වීරරත්න)
කෘෂිකාර්මික නවීකරණ සැලැස්ම ක්‍රියාත්මක කිරීමට රජය කැපවී සිටින බවත් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ගැටලුවලට මෙන්ම වතුකරයේ ජනතාව මුහුණ දී ඇති ගැටලු සඳහා ද කඩිනම් විසඳුම් ලබාදිය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ වැවිලි ප්‍රතිසංස්කරණ කමිටුවේ (PRC) සාමාජිකයන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ය.
ඉඩම් ගැටලුව ඇතුළු කෘෂිකර්මික ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු සහ අභියෝග පිළිබඳ මෙහිදී පුළුල්ව විමසා බැලුණු අතර, දැනට විසඳුම් ලබාදෙමින් තිබෙන මහවැලි ඉඩම් ගැටළුව පිළිබඳව ද අවධානය යොමු විය.
එමෙන්ම වැවිලි සමාගම්වල ක්‍රියාකාරිත්වය පිළිබඳව ද මෙහිදී විමසා බැලිණි. ප්‍රාදේශීය වැවිලිකරුවන් මුහුණ දෙන ප්‍රධානම අභියෝගය වන්නේ ඉදිරි වසර 10 හෝ 15 තුළ ඔවුන්ගේ කල් බදු කාලසීමාව අවසන් වීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කෘෂිකාර්මික නවීකරණය සමඟ රජය ඉදිරියට යන්නේ නම් වැවිලි සමාගම් සඳහා අලුතින් කල් බදු පහසුකම ලබාදීමට සිදුවන බව පැවසීය.
කෙසේ වෙතත්, සියලු සමාගම්වල ක්‍රියාකාරීත්වය ප්‍රශස්ත මට්ටමින් සිදු වී නොමැති බැවින් නව කල් බදු ලබාදීම සඳහා පදනමක් සකස් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැවිලි ප්‍රතිසංස්කරණ කමිටුවේ සාමාජිකයින්ට උපදෙස් දුන්නේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු රැවටීම දැන්වත් නවත්වන්න...