IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වතු කම්කරු ගැටලුවලට විසඳුම් ඉල්ලා ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණයක්

 

 

 

වැටුප් හා මූලික අවශ්‍යතා පිළිබඳ වතු කම්කරු ගැටලු විසඳා දෙන ලෙස ඉල්ලා ලංකා කම්කරු රතු කොඩි සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණක් අද (21) කොළඹ ලිප්ටන් වටරවුමේ දී පැවැත්විණි.


දෛනික වැටුප රු 1000 කරන ලෙසත් , හිඟ වැටුප් ලබාදෙන ලෙසත්, සියලු තේ සහ රබර් වතුවල වැසිකිලි හා ආහාර ගන්නා ස්ථාන සකස්  කර දෙන ලෙසත් රජයට බල කිරීම මෙම උද්ඝෝෂණයේ අරමුණ බව ඔවුහු පැවසූහ.
 
2016 දී අත්සන් කරන ලද ඒකාබද්ධ ගිවිසුම 2018 ඔක්තෝම්බර් මස අලුත් කළ යුතුව තිබූ නමුත් අද වන තෙක් ඊට විසඳුමක් නොලද බවත්, වතු අක්‍රමවත් ලෙස පවත්වා ගෙන යාම නැවැත්විය යුතු බවත්,  රජයේ සියලු වතු නිසි කලට නඩත්තු කළ යුතු බවත් විරෝධතාකරුවෝ කීහ. 

(සටහන හා ඡායාරූප  - ශාන්ත රත්නායක)



අදහස් (2)

වතු කම්කරු ගැටලුවලට විසඳුම් ඉල්ලා ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණයක්

menna Saturday, 22 December 2018 09:51 AM

ලිප්ටන් වටරවුම ලංකාවේ නැති බැරි මිනිසා වටේ යවන ස්ථානය.

:       0       0

chamath Saturday, 22 December 2018 10:30 AM

සාධාරණ ඉල්ලීම් ඇමතිතුමාට වැඩ පෙන්නන්න අවස්ථාවක් බලමු අපි...

:       0       23

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site