




වැටුප් හා මූලික අවශ්‍යතා පිළිබඳ වතු කම්කරු ගැටලු විසඳා දෙන ලෙස ඉල්ලා ලංකා කම්කරු රතු කොඩි සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණක් අද (21) කොළඹ ලිප්ටන් වටරවුමේ දී පැවැත්විණි.
දෛනික වැටුප රු 1000 කරන ලෙසත් , හිඟ වැටුප් ලබාදෙන ලෙසත්, සියලු තේ සහ රබර් වතුවල වැසිකිලි හා ආහාර ගන්නා ස්ථාන සකස් කර දෙන ලෙසත් රජයට බල කිරීම මෙම උද්ඝෝෂණයේ අරමුණ බව ඔවුහු පැවසූහ.
2016 දී අත්සන් කරන ලද ඒකාබද්ධ ගිවිසුම 2018 ඔක්තෝම්බර් මස අලුත් කළ යුතුව තිබූ නමුත් අද වන තෙක් ඊට විසඳුමක් නොලද බවත්, වතු අක්‍රමවත් ලෙස පවත්වා ගෙන යාම නැවැත්විය යුතු බවත්, රජයේ සියලු වතු නිසි කලට නඩත්තු කළ යුතු බවත් විරෝධතාකරුවෝ කීහ.
(සටහන හා ඡායාරූප - ශාන්ත රත්නායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලිප්ටන් වටරවුම ලංකාවේ නැති බැරි මිනිසා වටේ යවන ස්ථානය.
සාධාරණ ඉල්ලීම් ඇමතිතුමාට වැඩ පෙන්නන්න අවස්ථාවක් බලමු අපි...