
(අංජුල මහික වීරරත්න)
වසර 40ක විදේශ රැකියා ඉතිහාසයේ වාර්තා කළ වැඩිම විගමනික ප්‍රේෂණ ප්‍රමාණය 2025 වසරේදී වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
ඒ අනුව පසුගිය වසරේ ජනවාරි සිට දෙසැම්බර් දක්වා දක්වා කාලයේ ඇමරිකා ඩොලර් මිලියන 8076 හෙවත් ඩොලර් බිලියන 8.07 ක් විගමනික ශ්‍රමිකයන්ගේ ප්‍රේෂණ ලෙස මෙරටට ලැබී ඇති බවද කාර්යාංශය සඳහන් කරයි. එය රුපියල් බිලියන 2432 ක අගයක් වන අතර 2024 වර්ෂය හා සැසඳීමේදී මෙය සියයට 22.8ක ඉහළ වර්ධනයකි.
2024 වසරේදී මෙරටට ලැබුණු විගමනික ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකා ඩොලර් මිලියන 6575ක් වේ.
මාසයකදී වාර්තා කළ වැඩිම විගමනික ප්‍රේෂණ ප්‍රමාණයද පසුගිය දෙසැම්බර් මාසයේ වාර්තා වූ අතර එම ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 879.1කි.
වත්මන් රජය ගත් ප්‍රතිපත්තිමය තීරණයක් අනුව ගුණාත්මක තත්ත්වයෙන් යුතු පුහුණු ශ්‍රමිකයන් විදේශගත කිරීමට කාර්යාංශය පියවර රැසක් ගන්නා ලදී. ඒ අනුව පසුගිය වසරේදී 310,000 අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැකියා සඳහා විදේශගත විය.
COMMENTS
NPP ආණ්ඩුව ගැන තියන විශ්වාසය. ජයවේවා...
දුක් මහන්සි වෙලා සල්ලි එව්වට කිසිම ඇගයීමක් නම් නෑ. වැඩක් කරගන්න ගියත් slfeb එකේ අයගේ පුදුම ලොකු කමක් තියෙන්නේ, හරියට කතා කරන්නවත් දන්නේ නෑ.