IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වැඩබලන ජී.එම්.ආර්ට රියැදුරන්ගෙන් පිළිතුරක්

(මහින්ද නිශ්ශංක)

උසස්වීම් ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගෙන දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් ආරම්භ කළ වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසීය.

වර්ජනයේ යෙදෙන දුම්රිය ස්ථානාධිපතිවරුන් හා දුම්රිය පාලකවරුන් සේවය අතහැර ගියාසේ සළකන බවට දුම්රිය වැඩ බලන සාමාන්‍යාධිකාරී එස්.එස්.මුදලිගේ මහතා ප්‍රකාශ කිරීමට විරෝධය දක්වා වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක කිරීමට  සංගමයේ විධායක සභාව තීරණය කළ බවද ඔහු සඳහන් කළේය.

වර්ජනය සියයට 90 කට වැඩියෙන් සාර්ථක බව පැවසූ සභාපති සුමේධ සෝමරත්න මහතා අද පෙරවරුවේ දුම්රිය බලධාරීන්ට ධාවනය කිරීමට හැකි වූයේ දුම්රිය 12 ක් පමණ බවද පැවසීය.

ඡායා ශාන්ත රත්නායක

 



අදහස් (8)

වැඩබලන ජී.එම්.ආර්ට රියැදුරන්ගෙන් පිළිතුරක්

රංබොඩ Wednesday, 10 July 2024 01:30 PM

වේවැල පෙන්වා මොවුන්ව මේච්චල් කරන්න බෑ. වැඩ වැරීම් වලට ඇබ්බැහි වෙච්ච මිනිසුන් . වේවැලෙන් ගහන තුරු මොවුන් නතර වෙන්නෙ නෑ. හැබැයි මාසෙ අන්තිමට පඩියත්.ගන්නවා

:       12       44

ධම්මික Wednesday, 10 July 2024 01:56 PM

තුවාලේ තියෙන මිනිහා විතරයි තුවාලේ අමාරුව දන්නේ. නොදන්නා දේවල් වලට කට නොදා හිටියොත් හොඳයි.

:       42       21

de silva Wednesday, 10 July 2024 02:05 PM

මාසයක් දුම්රිය දිවුවේ නැතිවුණත් කමක් නැහැ... මේක රීසෙට් කරලා පිළිවෙලක් කරලා, ජනතාවට කාර්යක්ෂම සේවයක් සලසන්න කටයුතු කරන්න.. ජනතාවට නිසි සේවයක් නොකර නිකම්ම ඉඳලා මාසේ අන්තිමට පඩි ගන්න, වැඩවර්ජන කරන සියලුම රජයේ සේවකයෝ එලවලා දමන්න ඕනේ... මේ කාලකන්නි නිසා අපි හැමදාම මහ මග නිකරුනේ රස්තියාදු වෙනවා... අපගේ ජීවිතත් කාලකන්නි වෙනවා. රනිල් නෙමේ කවුරු වුණත් මේ අයට දඬුවම් දීලා හදලා ගන්නවා නම් කැමැතියි... කරුණාකර මේ කාරණයේදී දේශපාලනය පැත්තකට දමලා, ජනතාවට කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් සලසා ගැනීම පිළිබඳව සියලුම පක්ෂ කටයුතු කළ යුතුයි. අතලොස්සගේ දීමනා වෙනුවෙන් අපි හැමෝම, හැමදාම දුක් විඳින්න අවශ්‍ය නැහැ...

:       6       33

sanath Wednesday, 10 July 2024 02:39 PM

ගොවියෝ වර්ජනය කරහම සහල් මිල ඉහළ දමනවා, දුම්රිය වර්ජනය කරාම පඩි වැඩි කරනවා... ගුවන්තොටුපලේ කුලී රථ මාෆියාව ගෙම්බර් දැම්මාම ඒකට එන පොදු ප්‍රවාහනය, පික් මී එක නතර කරනවා.. නිතරම සුළුතර මාෆියා සංවිධාන මගින් රටේ බහුතරයකගේ ජීවන තත්වය කඩා වට්ටන විට මහ ජනතාව හැමදාම නිහඬව ඉන්නේ නැහැ..

:       1       17

ජයනාත් Wednesday, 10 July 2024 03:59 PM

ප්‍රශ්නය කියන එක තමන් විතරක් දිහා බලා තීන්දු ගන්න එක වැරැදියි. සාමාන්‍ය ජනතාවට ප්‍රශ්නයක් තිබුණානේ පහුගිය කාලේ තෙල් ටිකක් නැතිව... කීයට හරි තෙල් ගන්න දැන් තිබුණාට රජයේ සේවකයින්ගේ ආදායම් වැඩිවෙලා නැහැ. එදා දවස් කුලිය 2000... අද වෙනකොට 3500 යි. ඒත් රාජ්‍ය සේවකයින් ටිකට එහෙම ආදායමක් නැහැ. අනුන්ගේ ප්‍රශ්න දිහාත් බලන්න පුරුදු වෙමු. මමත් රාජ්‍ය සේවකයෙක් නොවුණත් එහෙම හිතන්න වෙනවා...

:       11       7

Lalla Wednesday, 10 July 2024 07:11 PM

කරුණාකර මාස කිහිපයකට දුම්රිය නවතා හෝ මොවුන් ගෙදර යවන්න...

:       3       7

kotiya Wednesday, 10 July 2024 11:50 PM

ඔන්න ඔය ලබ්බේ සේවය නවත්තලා දාපල්ලා. මොන මඟුලක්ද. කවදාවත් ලාභ ලබන් නැති ආයතනයක්. හැමදාම ස්ට්‍රයික්. නැත්තන් පීලී පැනලා. ඔය රෙද්ද නවත්තලා දාපුවාම අඩුගානේ අපිට ගහන බදු ටිකවත් අඩුකරන්න පුළුවන්. එතකොට බඩු මිළවත් අඩු වෙයි.

:       0       1

Asanga thiththagalla gamage Thursday, 11 July 2024 10:21 AM

මේ යූනියන් කාරයෝ කාටවත් රට ගෙනියන්න දෙන්නෙ නැත. මුන්ට තමා වෙඩි තියන්න ඕනා දඩි නීති පමුනවන්න ඕනා. සේවයෙන් නෙරපන්න ඕනා කාලකන්නි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site