(අංජුල මහික වීරරත්න)
විධායක බලය,පාර්ලිමේන්තුවේ අති බහුතරය හා සියලු රාජ්‍ය යාන්ත්‍රණය තිබියදී ජනතාවට අවශ්‍ය සේවා සැපයීම වෙනුවෙන් හදිසි නීති විධි විධාන පැනවූවා නම් සතියක් ඇතුළත එහි ප්‍රතිඵල පෙන්විය යුතුව ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
රට පාලනය කිරීමට අවශ්‍ය සියලූ බලතල තිබියදී ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා සැපයීමට අපොහොසත් වූ රජයට දැන් හදිසි නීතිය පනවා කරන්න පුළුවන් ඉටිගෙඩියක් නැතැයි ද රුවන් විජයවර්ධන මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
සියලු රාජ්‍ය බලයත් හදිසි නීති විධිවිධාන යටතේ වන රෙගුලාසිත් පනවාගෙන දැන් හැකිනම් කර පෙන්වන්නැයි රජයට විවෘත අභියෝගයක් කරන බවද විජයවර්ධන මහතා සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මෙසේ පැවසූයේ පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සූම් තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවක් අතරවාරයේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම කෙනෙකුට කිසිම දෙයක් කළ හැකි නැ
විධායක බලය,පාර්ලිමේන්තුවේ අති බහුතරය හා සියලු රාජ්‍ය යාන්ත්‍රණය තිබියදී වැඩබැරි ආණ්ඩුවට කිසි දෙයක් කරන්න බැහැ.
දරුණු නීති පැනවීම තුළින් අත්‍යාවශ්‍ය භාණ්ඩ තොග වැඩි වන්නේ නැත. කළුකඩයයි වැඩි වන්නේ. වෙළෙද පොලේ අත්‍යාවශ්‍ය භාණ්ඩ සුලභ කිරීම තුළින් තරගකාරීත්වය ඇති කරල මිල මට්ටම පහත හෙලීමයි සිදුකල යුත්තෙ.
ආණ්ඩුවක් කරපු අය විතරයි ආණ්ඩුව දැන් කරන දේ හරිද වැරදිද කියලා කියන්න දන්නේ. කොරෝනා බොරුව ගැන රටටම හෙළි කරන්නකෝ.