
(නිමල කොඩිතුවක්කු)
වැඩ බැරි, ජනතාව ප්‍රතික්ෂේප කළ ජනාධිපතිවරයා, අගමැතිවරයා ඇතුළු ආණ්ඩුව ගෙදර යවන සටන සමගි ජන බලවේගය ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොළඹදී පැවසීය.
තවදුරටත් රට අරාජික කර ජන ජීවිත විනාශ කිරීමට ආණ්ඩුවට ඉඩ දිය නොහැකි බවත් රාජකරුණා මහතා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
"මේ රටේ ප්‍රශ්න ටික විසදගන්න ආණ්ඩුවට හැකියාවක් නෑ. මේ ජනාධිපතිවරයා අගමැතිවරයා ඉන්න තාක් කල් මේ ආණ්ඩුවේ තියෙන තාක් කල් රටේ ජනතාවට විශ්වාසයක් ගොඩනැගෙන්නේ නෑ. ජාත්‍යන්තරයට විශ්වාසයක් ගොඩනැගෙන්නේ නෑ. මේ රටට මුදල් එවන්න පිටරට ශ්‍රී ලාංකිකයන්ට තාම විශ්වාසය ගොඩනැඟී නැහැ. හේතුව මේ රටේ නායකයා විදියට තාමත් ඉන්නේ මුළු රටටම එපා වෙච්ච ගෝඨාභය රාජපක්ෂ මේ රට ප්‍රතික්ෂේප කරපු රනිල් වික්‍රමසිංහ තමයි අගමැතිවරයා විදිහට ඉන්නේ. මුළු රටම එපා කිව්වා අමාත්‍යවරු සෙට් එකක් තමයි කැබිනට් මණ්ඩලයේ ඉන්නේ. ඒක නිසා මේ රටට උදව් කරන්න පිටරට ඉන්න අයට හෝ ජාත්‍යන්තර සංවිධාන වලට අවශ්‍යතාවයක් නැහැ. මේ ආණ්ඩුව ගෙදර යවන සටන අපි කොළඹින් ආරම්භ කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තමයි මැතිවරණයට හොඳම කාලය...!
මෙයා වගේම ළදරු සජබයද කරන්නේ? මොන මෝඩ කථාද?
ඔයාලා හිතන්නේ ඔයාලා වැඩ පුළුවන් අය කියලාද? නිකන් සංදර්ශන පෙන්වන්නේ නැතිව වෙන්න අගමැතිට කියලා අර නිකන් දෙනවා කිව්ව තෙල් නැවක්වත් ගෙනත් බාලා බෙදන්නකෝ...
වැඩ පුළුවන් ගොයියාට දුන්නාම බැරිකම නොකියා කෝඳුරුතෙල් හත්පට්ටයකුත්, තව ටිකක් ඉල්ලලා අගමැතිකම එපා කිව්වා. එහෙව් අයද ජනාධිපතිකම ඉල්ලන්නේ..?
කටෙන් තමයි, වැඩ නැහැ...
කවදාද?
අනේ ඔබලා කරයි. මෙච්චර කාලයක් කෙරුවානේ. වන්නිලෑ ඇත්තෝ ජනාධිපති වුණත් ඔබලාගේ නායකතුමා නම් මෙදා කපේ ජනාධිපති වෙන්නේ නෑ ඒකනම් ෂුවර්... අතට ආපු අගමැතිකම අත්හැරිය පොරණේ. ආයේ විපක්ෂ නායකකමවත් ලැබෙන්නේ නෑ. ඔය සෙට් එකටත් එච්චර තමයි...