
(නිමල කොඩිතුවක්කු)
නියමිත ගාස්තු වලට අමතර ගාස්තු අය කරන බස් රථ වල මාර්ග බලපත්‍ර අහොසි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
නියම කර ඇති බස් ගාස්තු වලට වඩා වැඩියෙන් අය කරන බස්රථ සම්බන්ධයෙන් පැමිණිලි 1955 කෙටි අංකය වෙත දැනුම් දෙන ලෙසත් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
ඉන්ධන මිල වැඩිකිරීම හේතුවෙන් අද (05) සිට බස් ගාස්තු වැඩිකිරීමට පියවර ගනු ලැබීය.
මෙම ගාස්තු වැඩිවීම සම්බන්ධයෙන් මාධ්‍ය මගින් ප්‍රචාරය කර ඇති බවත් එයට වඩා වැඩි මුදල් අය කරන බස්රථ සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවත් වෙල්ගම මහතා වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළාත් මාර්ගස්ථ අධිකාරියේ බලපත්‍ර ජාතික කොමිසමෙන් අවලංගු කරන්නේ කොහොමද?
බස් වල හයියෙන් කරච්චල් සින්දු දාන ඒවා කියන්න අංකයක් දුන්නා ..ඒකට විස්තර කියන්න හවස 5 පස්සේ කවුරුත් නෑ...හවසට සමහර බස් යනවා කන පැලෙන්න සද්ද දාගෙන, බස් එක ඇතුලේ තොරණ වගේ ලයිට් දාගෙන...හවස මිනිස්සු නිවී සැනසිල්ලේ ගෙදර යන්න බස් වලට නැග්ගම ප්‍රෙෂර් වැඩි වෙලා බස් වලින් බහින්නේ....මේවා නියාමනේ කරන්න කවුරුත් නෑ...අනික මේවට කතා කරලා කම්ප්ලේන් කලාම වරද කරපු බස් එකට වඩා හොයන්නේ කතා කරපු මිනිහගේ විස්තර...පස්සේ කම්ප්ලේන් දාපු මනුස්සය යන්න ඕන මගී ප්‍රවාහන අධිකාරියේ ඔෆිස් එකට පැමිණිල්ල විභාග කරන දවසට...තනි මිනිහෙක් තියන වැඩ ඔක්කොම දාල යන්න ඕන පොදු ප්‍රවහනේ පැමිණිල්ලකට...මේවා හරියට නියමනේ වෙනවා නම් මිනිස්සුන්ට කරදර නෑ
රුපියල් 1 සහ 2 මාරු කාසි නැතිව හරියටම ඉතිරි දෙන්නේ කොහොමද.? කොන්දොස්තරලට බැනලා වැඩක් නැහැ.