
(අංජුල මහික වීරරත්න)
වැඩකරන ජනතාව ලෙයින් දහදියෙන් ජීවිත පරිත්‍යාගයෙන් ගමන් කළ වේදනාකාරී ඉතිහාසය නිමා කරමින් ජයග්‍රාහී වර්ෂයක ජනතා රජයක් යටතේ 139 වන ලෝක කම්කරු දිනය සමරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.
අග්‍රාමාත්‍යවරිය මෙසේද කියයි.
හැත්තෑ පස් වසරක් පුරා පාලක පන්තියේ තාඩනපීඩන මතින් නැගී සිටිමින් දුෂිත දේශපාලනය මුලිණුපුටා දමමින් ජනතාවගේ රජයක් යටතේ මෙවර කම්කරු දිනය සැමරීම ඓතිහාසික සංධිස්ථානයක් සනිටුහන් කරයි.
කල්ලිවාදය, දේශපාලන හිතවත්කම් සහ ගජමිතුරු සැලකීම් හමුවේ අසාධාරණයට පත්ව සිටි වැඩ කරන ජනතාව 2024 වර්ෂයේ අභියෝගාත්මක තීරණයක් ගනිමින් සමස්ථ දේශපාලන සංස්කෘතිය උඩුයටිකුරු කිරීම අගාධයට ඇද දැමූ රට ගොඩ ගැනීමට ගත් අභීත ව්‍යායාමයකි.
ජනතාවාදී රජයක් ලෙස ජනතා අවශ්‍යතා මැනවින් හදුනාගනිමින් විකෘති මාවතක ගමන් ගත් ආර්ථික, දේශපාලන, සාමාජයීය, සංස්කෘතික මෙන්ම නෛතික රාමුවද යළි ප්‍රකෘති මාවතකට ගැනීමට අපි මහත් වෙහෙසක් දරමින් සිටිමු.
වසර ගණනාවක් පුරා මෙරට වෙලාගත් දූෂණය හා අසාධාරණය එක රැයකින් වෙනස් කිරීම කළ නොහැකි වුවද රජය ක්‍රමාණුකූලව සියල්ල ක්‍රමවත් කරමින් ජනතා අවශ්‍යතා වෙනුවෙන් ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කරමින් තිබේ.
රාජ්‍ය, පෞද්ගලික, ව්‍යවසාය, කම්කරු ඇතුළු සමස්ථ වැඩකරන ජනතාවගේ ආර්ථික බලවේගයන් ශක්තිමත් කිරීමට රජය ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කර ඇති අතර රට අහරින් ස්වයංපෝෂිත කිරීමට පෙරමුණ ගන්නා ගොවි ජනතාව ශක්තිමත් කිරීමටද සුදානම්ය.
අප පසුකරමින් සිට්න්නේ ජනතාවගේ ආරක්ෂාව, ස්වාධිනත්වය, අයිතීන් ආරක්ෂා කරමින් වඩාත් ස්ථාවර විශ්වාසනීය අනාගතයක් ලඟා කර ගැනීමට එක්ව කැපවිය යුතු කාලයකි.
දිනු අයිතීන් සුරකිමින් රට ගොඩනගන්නට එකාවන්ව එක්ව අධිෂ්ඨානයෙන් කටයුතු කරමු.
COMMENTS
ඇයි බාම් ගානවද ? බොරු එපා...
ඇහුණේ නෑ...
අවුරුදු 5ක් බයිලා ගගා ඉඳියි...
කළින් තිබුණු ලොකු හිසරදයක් සම්පූර්ණයෙන්ම සුවයි. හැබැයි ඇඟපත වේදනාව තවම ටිකක් ඉතුරුවෙලා තියනවා මැඩම්...
සුරඟන කතා...
මොන බොරුවක්ද? අපි වැඩට යන්නේ පොල් පැටෙව්වා වගේ ලොරි චැසි ටකරම් බස්වල තදවෙලා දුක් විඳගෙන, ඒකත් යන්නේ ගාට ගාට කොට කොට, පැය ගණනක් අපි ඒ වගේ අපා දුක් විඳිනවා. මේවා ගැන හොයන්න බලන්න කවුරුවත් නැහැ. පරණ ස්කූටියක්වත් ගන්න බැහැ. ඒවගේ මිල අහස උසට, හාල් කිලෝ එකටත් 50% බදු ගහලා ජීවන වියදම ඉතා වැඩි වෙලා, එනවා මෙතන බේගල් දෙසා බාන්න, හැම එකටම අර බදු, මේ බදු, තීරු බදු... ඒ මදිවාට වැටුපටත් බදු...
සුභ කම්කරු දිනයක්
හරි ලස්සන කතාව. කම්කරු ජනතාව හැමදාම මේවට අත්පුඩි ගැහුවා වේදිකාවෙන් එළියෙ ඉඳගෙන.
මෙයාගෙත් දැන් මොලේ හොඳ නැතිවේගෙන එනවා වගෙයි. ඔය කියන වැඩකරන ජනතාව කොහෙද ඉන්නේ ? ඒවගේම ඒ අයට ඔහෙලා කියල වැඩ නොකර ඉන්න ලැබුනද ? එහෙම නැතිනම් ඒ අයට තමන්ගේ ක්‍රයශක්තිය ඉහල යන ආකාරයේ ආදායම් වැඩි වීමක් උනාද ? එහෙම දේවල් ඉදිරියට හෝ වෙනවද ?
බුදු අම්මේ... දුක් වින්ද අවසන් පෝය පහුවුණා.
හසානාට නම් තාමත් වේදනාකාරී යුගයක් තමයි, හැමදාම...!
බොරු කීමේ තරගයක් වගේ. ඩබලම තරගෙට බොරු විදිනවා. පොල් බෑය රුපියල් 150 .... මෙයා බයිලා ගහනවා. තණකොළ කන වස්සෝ වගේ මාලිමාවන් බලා සිටිනවා.