(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ කහතුඩුව පාලගම කුරුඳු ඉඩමක දි සිදු වූ වෙඩි හුවමාරුවකදී මරුමුවට පත් වූ හිටපු එස්.එෆ් සෙබළාගේ මළ සිරුර ඔහුගේ ගම්ට ගෙන ගැන ගම්වාසීන් විරෝධය දැක්වීම හේතුවෙන් හෝමාගම පිටිපන පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කිරීමට ඥාතීන් විසින් තීරණය කර ඇතැයි කහතුඩුව පොලිසිය කියයි.
සිද්ධියෙන් ඝාතනයට ලක්ව තිබුණේ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන විදේශ ගතව සිටින කොස් මල්ලි නැමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු බවකියන හංවැල්ල ජීවන් චාමර පෝරගේ (41) නැමැති හිටපු පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළෙකි.
මොරටුව පොලිස් විශේෂ කාර බළකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරු සැඟවී සිටි එම කුරුඳු ඉඩමේ වාඩිය වැටලීමේදී සිදුවූ වෙඩි හුවමාරුව අතරතුරදී බරපතල තුවාල ලැබීමෙන් අනතුරුව වෑතර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබිණි.
කළුබෝවිල ශීක්ෂණ රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව දේහය හංවැල්ල ප්‍රදේශයට රැගෙන එන බවට ගම්වාසීන්ට දැන ගැනීමට ලැබීමෙන් අනතුරුව ඔවුන් එයට විරෝධය දක්වන බවට ඥාතීන්ට දැනගැනීමට ලැබීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇතැයි පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
309
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2128
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1617
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වෙඩික්කරුගේ සිරුර ගමට ගේනවාට ගමෙන් විරෝධයක්