(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
හෙට (15) දින පැවැත්වෙන වැඩ වර්ජනයට රජය වෛද්‍ය නිලධාරින්ගේ සංසදය සහභාගී නොවන බව එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ලංකාදීපයට පැවැසීය.
ජනතාව කබලෙන් ලිපට ඇද දාන මෙම වැඩවර්ජනය හෙළා දකින බවද ඔහු සඳහන් කළේය.
රටේ ආර්ථික අර්බුදයට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු ඇතැම් ප්‍රධානීන් වගකිව යුතු බවත් අද ඒ අය සමග එකතුවී වැඩ වර්ජන ක්‍රියාමාර්ග වලට යෑම තනිකරම විහිළුවක් බවත් බෙල්ලන මහතා පැවසුවේය.
මෙම වැඩවර්ජනය පිටුපස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු ප්‍රධානීන්ගේ සෙවණැලි ක්‍රියාත්මක වන බවද හෙතෙම පැවසීය.
හරිනම් කරපු වින්නැහියට ඒ අයගෙන් වැඩි බදු අය කළ යුතු බව පැවසූ සභාපතිවරයා ජනතාව පීඩාවට පත් කරන වැඩ වර්ජන ක්‍රියා මාර්ගයෙන් ඉවත් වන්නැයි සියලු වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට සංගමේ නමේ අකුරු ගානටත් දොස්තරල නෑ. හැබැයි හිසේ කෙස් ගානටම ඉන්නවා
ඔය සංසඳයේ කීදෙනෙක් ඉන්නවද අනේ පවු
GMOA මෝඩ හොරු ටික ඉස්සෙල්ලම බාල්දි පෙරලන්නෙ රුක්ෂාන මහතාට තමා. එතුමා කෙලින් මනුස්සයෙක්
ඔහු පමණක් සභාපති, ලේකම් ඔහුගේ සංවිධානයේ වෛද්‍යවරුන් වන ඔහුගේ පවුලේ සාමාජිකයන්ද?
මුන් වැඩ වර්ජනය කලත් වැඩක් නෑ... සාමාජිකයො එක්කෙනයි නෙ... මූ විතරයිනෙ ඉන්නෙ...
බොහොම හොඳයි හැබැයි රනිල් ජනාධිපති නිසා නෙමෙයි නේ
කොපමණ මුදලක් ලැබෙනවද දන්නේ නැහැ මේ කරන වැඩවලට.
ඔබතුමාට අපේ ආචාරය පුදමු. මට මේ වෙලාවේ මතක් වෙනවා අභාවප්‍රාප්ත දොස්තර ලියනගේ මැතිතුමා... එතුමා එම්.ඕ.එච් කෙනෙක් වුණත් කිසිදාක රජයේ වැටුපක් ගත්තේ නැහැ... පුද්ගලික සේවයේ යෙදුනේත් නැහැ... ලොකු වාහන ගත්තේ නැහැ... නමුත් ඔහුට තිබුණා ජාතික කැක්කුමක්... ඒකයි එහෙම වුනේ. ඒ වගේම කියන්න ඕනෑ එතුමාට වසරකට ලැබියයුතු වැටුපට වඩා දෙගුණයක් තරම් ආදායම් බදුගෙවීම කළා. එහෙමයි ජාතිමාමක උතුමන්ලා ජනතාව වෙනුවෙන් සේවය කළේ...