
(අංජුල මහික වීරරත්න)
වැඩවර්ජන, උද්ඝෝෂණ වලින් තොර විධිමත්, කාර්යක්ෂම සේවාවක් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ගොඩනැගීම සඳහා අත්වැල් බැදගන්නා ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත නලින්ද ජයතිස්ස මහතා වෘත්තීය සමිති නියෝජිතයින්ට ආරාධනා කළේය.
මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ සේවයේ නියුතු සියලු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ උපරිම කැපවීම, උත්සාහය මත වර්තමානය වන විට මෙරට සෞඛ්‍ය දර්ශකයන් හි විශිෂ්ට අගයන් පෙන්නුම් කරන බවත්, ඒ පිළිබදව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස තමා සියලු සේවාවන්හි නිරත කාර්ය මණ්ඩලයන්ට සිය ප්‍රණාමය පිරිනමන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසී ය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ සෞඛ්‍ය සේවාවේ සියලු වෘත්තීය සමිති සමග අඛණ්ඩව සාකච්ඡා සිදු කරමින් එම වෘත්තිකයින් මුහුණ දෙන වෘත්තීය ගැටලු පිළිබඳව විමසා බැලීමේ සහ සෞඛ්‍ය සේවාවේ ඉදිරි ප්‍රගමනය උදෙසා වෘත්තීය සමිති සතු අදහස්, යෝජනා හා දායකත්වය ලබාගැනීම සදහා අමාත්‍යවරයාගේ අදහසකට අනුව ක්‍රියාත්මක වන විශේෂ සාකච්ඡ වැඩසටහන් මාලාව අතරතුරදී ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩවර්ජන කරන කොට තියෙන අමාරුව දැනෙන්නේ දැන් නේද? කල කම් පලදෙනවා
මුං, කටින්ද දන්නෑ මෙහෙම කියන්නෙ.
වැඩ වර්ංනය කළ අය දැන් පාර්ලිමේන්තු වේ.
අනිවාර්යෙන්ම පුළුවන් .මොකද දැන් වෘර්තිය සමිති අටෝගෙන අවුරුදු 76ක්ම රට නැතිකරපු කණ්ඩායම ඉන්නේ පාර්ලිමේන්තුවේ . දැන් කට්ටියට දැනෙනවා නේද වර්ජන වලින් රටක නිෂ්පාදනයවත් , සේවාවල්වත් හදන්ඩ බැහැ කියල.
දැන්වත් තේරෙනවද කවුද රට පස්සට ගෙනිච්චේ කියලා. එන අවුරුදු 5 වැඩ වර්ජන නැතුව තියෙයි.
ඉස්සර මේවා මෙහෙම කතාකරලා කෙරුවේ නැහැනේ. ඇමැතියාට හරි ඔවුන්ගේ ගෝලයින්ට හිතුණා. වැඩේ කෙරුවා. පස්සේ තමයි ප්‍රශ්න විසඳන්නේ... ඉතින් බයියන්ට, ටෝයියන්ට රිදෙනවා තමයි. මේකට ඩිස්ලයික් වැටෙයි අව්ලක් නෑ...!
අනේ බං රෙද්දක් ඇදන්ද මේවා කියන්නේ ඒ දවස්වල හැමදාම වැඩවර්ජන ඒවා පස්සේ හිටියේ කව්ද කියලා ජනතාව දන්නවා. වේදිකාවල ගහපු පච දැන් කරගන්න බැරුව දගලනවා. ඒකට පැරණි කියමනක් තියෙනවා කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් බේරේනවා කියලා මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ ඒක.
මුන්ට නම් ලැජ්ජාවක් කියලා දෙයක් නැහැ. කටින්නම් නෙමෙයි කතා කරන්නේ. වෙන කොහෙන් හරි.
තන්හාවට දොඩම් ගොඩ බදාගත්තා වගේ ආණ්ඩුව කොරන්නයි වර්ජන කරන්නයි දෙකක් බැහැ. වර්ජනය කියන්නේ තනිකරම රටේ සංවර්ධනය අඩාල කිරීමක් තමයි. අනේ පිංසිද්ද වෙයි දැන්වත් රටපෙරට ගෙනියන්න ඔය දෙකෙන් එකක් කරපල්ලා...
ඔව් දැන් ඒක කරන්න පුලුවන්. මොකද මුන් සේරම පාර්ලිමේන්තුවේ. කලින් මුන්නේ 365 ස්ට්‍රියික් කරේ. මුන් කටින්ද අතනින්ද දන්නෙ නත කතා කරන්නේ .