
(රංජන් කස්තුරි)
ලබන සඳුදා සිට යළි සේවයට වාර්තා කිරීමට වර්ජිත ගුරු - විදුහල්පතිවරු තීරණය කළ බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සංධානය අද තීරණය කළේය.
ලබන 21 සිට සිසුන් 200 අඩු පාසල් විවෘත කිරීමට තීරණය කළ ද එම දිනවල පාලස්වලට නොපැමිණීමේ ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කර ඇතැයි ද එම වෘත්තිය සමිති සංගමය පවසයි.
ලබන 25 වැනිදා සිට පාසල්වල අධ්‍යන කටයුතු ආරම්භ කරන බව ද ගුරු වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් සඳහන් කළේය.
වැටුප් විෂමතාව විසඳුම් ඉල්ලා ගුරු - විදුහල්පති සංගම් ඔන්ලයින් ඉගැන්නුම්වලින් ඉවත්ව අදට දින 99 කි.
(ඡායාරූප: ගයාන් අමරසේකර)


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.