
(අජන්ත රත්නායක)
වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් කළමනාකරණ සේවා නිලධාරී ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය අද දහවල් කුරුණෑගල නගර මධ්‍යයේදී විරෝධතාවයක නිරත විය.
මෙම විරෝධතාවය සඳහා කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්කවල සේවයේ නියුතු කළමනාකරණ සේවා නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් එක්වී සිටියහ.
එකඟ වූ වැටුප් ව්‍යුහය ලබාදීම, උසස්වීම් විභාග ක්‍රමය ලබාදීම , කළමනාකරණ සේවයේ රාජකාරි වෙනත් සේවාවන්ට පැවරීම නැවැත්වීම සහ බඳවාගැනීමේ විවෘත තරග විභාගය පැවැත්වීම යන ඉල්ලීම් උද්ඝෝෂකයො මෙහිදී ඉදිරිපත් කළහ.
වෙළගෙදර ක්‍රීඩාංගණය අසලින් ආරම්භ වූ විරෝධතා පෙළපාලියකින් විරෝධතාකරුවෝ කුරුණෑගල - දඹුල්ල මාර්ගය ඔස්සේ ඔරලෝසු කණුව වටරවුමට පැමිණියහ. එහිදී විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණයේ යෙදුණු පිරිස කොළඹ - කුරුණෑගල මාර්ගයට පිවිස එහි එක් මංතීරුවක් අවහිර කිරීම නිසා ගමනාගමන කටයුතුවලට දැඩි ලෙස බාධා සිදුවිය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටුප් වැඩි කිරීම්, උසස් වීම් ඒ මොකටද? ඔබලා මොනවා කරනවටද? එකවර 10000 වැටුප් වැඩි කිරීම් දීලා තමයි රටට කෙලවුනේ...
මේ මිනිසුන්ට ඔලුව විකාර වෙලාද? රටේ තියෙන අර්බුදය තෙරුම් ගන්න බැරිද? ඇත්තටම අපේ රටට තියෙන ලොකුම හෙනය තමයි මේ වගේ කළ නොකළ හඳුනාගන්න බැරි සේවකයින්...
ජීවත් වෙන්න අමාරු වුණාම තමයි පාරට බහින්නේ...