
(යොහාන් භාසුර සහ තිලකරත්න දිසානායක)
දේශීය සුදු කැකුළු සහල් වැඩි මිලට අලෙවි කිරීමේ චෝදනාවට වරදකරුවූ කිරිබත්ගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙද සැලකට රුපියල් ලක්ෂ 10 ක දඩයක් පැනවීමට මහර අධිකරණය අද (27) නියෝග කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසීය.
එම සුපිරි වෙළඳසැල දේශීය සුදු කැකුළු කිලෝවක් රුපියල් 255 කට අලෙවි කිරීම සම්බන්ධව ගම්පහ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු අධිකාරිය නිලධාරීන් මහර අධිකරණයට කළ කරුණු දැක්වීමක් අනුව මෙම දඩය පැන වූ බවත් සහල් වැඩි මිලට අලෙවි කරන වෙලදුන්ට එරෙහිව පසුගිය දිනවල පවරණු ලැබූ නඩු සඳහා අධිකරණ රුපියල් මිලියන තුනකට වැඩි දඩ මුදල් නියම කර ඇති බවත් එම අධිකාරිය පවසයි.
සහල් වැඩිමිවලට අලෙවි කිරීම සම්බන්ධව පාරිභෝගික අධිකාරිය පසුගිය දිනවල වැටලීම් 140 කට වැඩි ප්‍රමාණයක් කර ඇති අතර තවදුරටත් එම වැටලීමි දිවයින පුරා ක්‍රියාත්මක වන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරට සඳහන්න් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තණමල්විල බලහරුව පැත්තේ කුඩා වීමෝල් හිමියන් 285 ට රතු කැකුළු විකුනනවා. ඒ පැතිවල් ඉන්න දුප්පත් තමන්ගෙම එවුන්ව හූරන් කනවා. පාරිභෝගික අධිකාරිය ගමටත් යන්න ඕනේ. ක්ෂණික වැටලීම් වැඩි කරන්න ඕනේ. වැඩි හරියක් හාල් හංගලා තියෙන්නේ මහා පරිමාණ මෝල් වල , කඩවල නෙවෙයි, පොඩි මෝල් ගොඩක ... පොඩි කඩ ගොඩක... ආණ්ඩුවට බැණ බැණ ගිණි ගණන් වලට විකුනනවා
වෙළෙන්දෝ දැනගන්න ඕන තමන්ට ප්‍රමාණවත් ලාභයක් නැතිනම් තමන්ගේ කඩයේ සහල් විකුනන්නේ නැතිව ඉන්න .
කළුතර දොඩන්ගොඩ සේන සුපර් සිටි එකේ සහල් පාලන මිලට වඩා වැඩි මිලට විකුණ අතර සහල් දමා දෙන සිලි උරයටත් මුදලක් අයකරනවා.. මේ සම්බන්ධයෙන් අදාළ බලධාරින්ගේ අවධානය යොමුවිය යුතුයි
අවුරුදු 2500 කට වඩා ඉතිහාසයක් ඇතැයි කියන මහ ජාතිය, ජාතියම සූරන් කන සහ කාපු හැටි තමා මේ දවස්වල පේන්නේ.
ඔය විදිහටම ගම්පහ, යක්කල, මිරිස්වත්ත ,බැලුම්මහර පැත්තත් බලන්නකෝ