(තිලකරත්න දිසානායක)

මල්වතුහිරිපිටිය පොලිස් බල ප්‍රදේශයට අයත් දොරනාදිවෙල ප්‍රදේශයේ නිවසක ඉන්ධන අලෙවි කරමින් සිටි 45 හැවිරිදි කාන්තාවක් , අද (12) සවස අත් අඩංගුවට ගනු ලැබූ බව මල්වතුහිරිපිටිය පොලිසිය පවසයි. 

පොලීසියට ලද තොරතුරක් මත එම කාන්තාවගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේ ඩීසල් ලීටර් 80 ක් සහ පෙට්රල් ලීටර් 35 ක ප්‍රමාණයක් අත් අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. 

ඉන්ධනහල්වල අලෙවි කෙරෙන මිලට වඩා ඉන්ධන ලීටරයක් රුපියල් 50 ක වැඩි මිලට අලෙවි කරමින් සිටියදී කාන්තාව මෙලෙස අත් අඩංගුවට ගැනීම සිදු කළ බවද පොලීසිය පවසයි. 

මේ සම්බන්ධයෙන් මල්වතුහිරිපිටිය පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සමන්ත මුණසිංහ මහතා ගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක ඩයස් මහතාගේ මෙහෙයවීම මත වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙමින් පැවතිණි.