(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වැඩ කරන්න බැරි ඇමතිවරුන් මෙන්ම ආයතන ප්‍රධානීන් ඉවත් කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආර්ථිකය ගොඩනැගීම සඳහා වැඩ කිරීමට ඉලක්කයක් ලෙස දෙන ලෙස ඉල්ලා සිටින බව කී ශාන්ත බණ්ඩාර මහතා ඉලක්කය සපුරන්නට බැරි ඇමතිවරුන් මෙන්ම ආයතන ප්‍රධානීන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටියේය.
මේ සෙල්ලම් කරන්න පුළුවන් අවස්ථාවක් නොවේ යැයි කී ශාන්ත බණ්ඩාර මහතා සම්පත් කළමනාකරණය සඳහා ජනපති-අගමැති නායකත්වය ගන්නා ලෙස ඉල්ලා සිටින්නේ යැයි ද කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉවත් කරලා... මට ඇමති කමක් දෙන්න ප්ලීස් . අනෙ සර්. . .අනුකම්පා නොසිතේදෝදෝ..
පුලුවන්නම් තමන්ගේ සාමාන්‍ය පෙළ ප්‍රතිපල පෙන්නනකො මහ ලොකු කතා කියන්න කලින්.
එතකොට එක ඇමතියෙක්වත් ඉතුරු වෙන්නේ නැහැ නේ