
(රංජන් කස්තරි)
මේ වසරේ මුල්මාස දෙකේදී මෙරට සුරා බදු ආදායම රුපියල් කෝටි 350න් පහත වැටී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුවේ වාර්තා සඳහන් කරයි.
ඉකුත් 2022 වසරේ ජනවාරි සහ පෙරබරවාරි මාසවල සුරාබදු ආදායම රුපියල් කෝටි 2860ක් වූ අතර මේ වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල සුරාබදු ආදායම රුපියල් කෝටි 2510 ක් බව ද සුරාබදු දෙපාර්තමේන්තුව වාර්තා සඳහන් කරයි.
ඒ අනුව සුරාබදු ආදායම මේ වසරේදි සියයට 12.2කින් පහත වැටී ඇතැයි ද එම වාර්තාවල සඳහන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එපාවෙලා නෙවෙයි, කසිප්පුවලට සෙට්වෙලා...
අරක්කු එපා වෙලා නොවේ කසිප්පු බොන්න පුරුදු වෙලා. ප්‍රතිඵල ලැබේවි අවුරුද්ද අවසානෙදි ඉස්පිරිතාලවල පෝලිම් දිගු වෙනකොට. අරක්කු බද්ද ලංකාවේ ඉතා වැඩියි. ලංකාවේ අති විශේෂ එකක් ගන්න මුදලින් යුරෝපයේ හොඳ ජොනි වෝකර් ගන්න පුළුවන්.
අද පොදු ජනයාට තියෙන ලොකුම ප්‍රශ්නය එදාවේල කන්නේ කොහොමද? හෙටවේල රැකගන්නේ කියන එක මිස අද අරක්කු බොන්නේ කොහොමද? කියන එක නොවේ... වැඩිපුරම දූෂිතයින්ගේ ප්‍රශ්නය තමයි හෙට අරක්කු බොන්නේ කොහොමද කියන එක?
සමහර දේශපාලකයින් සෘජුවම කසිප්පු ජාවාරම ගෝලයින් දමලා කරනවා. එහෙම නැතිනම් කසිප්පු මුදලාලි දේශපාලන කටයුතුවලට උදව් කරනවා. එමනිසා ඔවුන් සුරාබදු වැඩිකරන්නේ ඉතා කැමැත්තෙන් ඡන්දෙ දෙනවා. බොහෝ පන්සල්වල ප්‍රධාන දායකයා කසිප්පු මුදලාලි... බාර් ඉස්සරහ හාමුදුරුවරු විරෝධය දක්වන කොට අනුග්‍රහය දෙන්නේ කසිප්පු මුදලාලි...
අපිට නම් රජයේ අරක්කු බොනවිටත් අපිට අප්‍රියයි මොකද අපිට එහෙම මුදලක් සොයන්න බැහැ අපි ඉතින් තුන්වේලටම දුමින්ද ගෙ ෂෙඩ් එකට යනවා පොලිසිය වත් සුරාබදු කට්ටිය නම් කවදාවත්ම එන්නෙ නැහැ
ගැන අඩු කරන්න සේල් එක වැඩිවෙයි
කවුද හලෝ දහස් ගණන් දීලා අරක්කු බොන්න හදන්නේ කසිප්පු ලාබෙට තිබෙද්දී ?
අරක්කු ඒපානම් විස්කි බොන්නකො