(  සිතුම් චතුරංග සහ ඉන්දිකා රාමනායක)

වවුනියාව , නෙදුන්කේණි , සේනපිලව් , ඊට්ටමුරිංජාන් මාර්ගයේදී බෙහෙත් කොටන තුවක්කුවකින් හිසට වෙඩිතබා තරුණියක අද (15) දහවල් ඝාතනය කර ඇතැයි නෙදුන්කේනි පොලිසිය කියයි.

මියගිය තරුණිය සිය මව සමඟ යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී සේනපිලව් , ඊට්ටමුරිංජාන් කැළෑමාර්ගයකදී වෙඩිතබා ඝාතනය කොට ඇති බව පොලිසිය පැවසීය.

එලෙස වෙඩිතබා ඝාතනය කොට ඇත්තේ , ඊට්ටමුරිංජාන් , සේනපිලව් , වවුනියාව ලිපිනයේ පදිංචි බාලසුබ්‍රමණියම් සත්‍යකලා නැමති වයස අවුරුදු 33 අවිවාහක තරුණියක් වේ.

මියගිය තරුණිය සමඟ අනියම් සබඳතාවක් පැවැත්වූ විවාහක පුද්ගලයකු විසින් මෙම වෙඩිතැබීම සිදුකොට ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණයවූ බවත් පොලිසිය පැවසීය.

වෙඩි ප්‍රහාරයෙන් පසු තරුණිය එම ස්ථානයේදීම මියගොස් ඇති බවත් පැවසේ. සැකකාර පුද්ගලයා මීට ඉහතදී මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගතව ඇපමත මුදාහැර සිටි අයකු බවත් පොලිසිය සඳහන් කළේය.

මියගිය අය සැකකරු සමඟ අනියම් සබඳතාවක් පවත්වා ඇති අතර ඇතිවූ පුද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුකොට ඇති බවද පොලිසිය පැවසීය.

ඝාතනය සිදුකළ සැකකරු බෙහෙත් කොටන තුවක්කුවද රැගෙන ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු සොයා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බවත් කීය.

(ඡායාරූප-සිතුම් චතුරං