
(අංජුල මහික වීරරත්න)
වැඩකරන ජනතාව උද්ඝෝෂණ වලට හිර කළේ නැති එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය බව එජාප නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ජනතාවට වරප්‍රසාද ලබා දී හොඳ ජීවිත ගත කරන්නට හැකි තැනකට ගෙන ඒමට එජාපය හැම විටම කටයුතු කළ බවද විජයවර්ධන මහතා කීය.
"අධ්‍යාපන අයිතිය ඇතුළු වෘත්තීය අයිතීන් ලබා දුන්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු බව කිව යුතුයි.මධ්‍ය මහා විද්‍යාල ක්‍රමය ඇතිකර වැඩකරන ජනතාවගේ දරුවන්ට අධ්‍යාපනය නිම් වළලු පුළුල් කරන්නට අපට හැකි වුණා.වැඩකරන ජනතාව පීඩිත පන්තිය බවට පත්කර උද්ඝෝෂණ අරගලවලට පමණක් හිර කරන්නට ඇතැම් පක්ෂ කටයුතු කළා.එලෙස පීඩිත පන්තියක් ඇතිකරගත්තේ තමන්ගේ දේශපාලන ගමන යාම සඳහායි.යනුවෙන් ද එජාප මැයි රැලිය අමතමින් රුවන් විජයවර්ධන මහතා කීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හලෝ ඔය කතා කියනවා තවමත් ඔහෙලාට වහල්කම් කරන මෝඩ වහල්ලුන්ට. 1981 මහා වැඩවර්ජනයට සහභාගිවූ කම්කරුවන් දහස් ගණනකගේ රැකියා නැති කලේ කවුද ? ජේ ආර් ජයවර්ධන නමැති මහම මහා බොරු කාරයෙක්වූ , අසික්කිත ගති ඇති ,බටහිරගැති , තම්බි මුදියන්සේගේ බෑනයි.අවුරුදු 30 ක් ඇදුන උතුරේ යුද්ධයේ ආරම්භය ඇතිකළේ ඔහුයි.අපරාධ යුක්ති කොමිසමෙන් නිදහස්වූ ජනතා විමුක්ති පෙරමුණට බොරු චෝදනා නැගලා තහනම් කලෙත් ඒ කාලකන්නියයි.කළහැකි කිසිවක් නැතිවූ තරුණයින්ට ආයුධ අතට ගැනීමට පෙලබුනේ ඒ අසාධාරණ තීරණයයි,ඉන් 60 000 කට අධික තරුණයින් මැරුණා.උතුරේ යුද්ධයෙන් ලක්ෂ ගණනක් උතුරේත් දකුණේත් මැරුණා.මේ සියල්ලටම මුලපිරුවේ එක්සත් ජාතික පක්ෂය කියන ජරාම ජරා පක්ෂය බව කවුරුත් දැනගත යුතුයි.මේ රටේ මිනිස්සු ආයෙත් රැවටෙන්නේ නැහැ .
MAY DAY...MAY DAY...we are sinking
උද්ඝෝෂණ වල හිර කලේ නැහැ, හිරගෙවල්වල දැම්ම අඩු කැඩුව, මරල දැම්ම, මෙයා දන්නෙ මොනවද, මෙයාගෙ මාමල සීයල තමයි ඒව කලේ.
ඔය පින්තුර වල ඉන්න අය නුල් සුත්තර දාන හැටි වෙන්නැති අපිට ඔය පෙන්නන්නේ. දැක්ක නේ ඇඟිලි උලුක් කරගෙන පෙන්නන හැටි. ඒත් කෝ නුල්? අපි මේ අද ඊයේ ඉපදෙච්ච මිනිස්සු කියලා හිතාගෙන වෙන්නැති යුඑන්පියේ පැටිකිරිය අපිට කියන්න හදන්නේ. අපි දන්නවා හලෝ තමුසෙලා ඉපදෙන්නත් කලින් යුඇන්පී ය කියන්නේ මොකද්ද කියලා.
පාස්කු ප්‍රහාරය දවසේ ඔහේ නේද අතිගරු රාජ්‍ය ආරක්ශක අමාත්‍ය? ලැජ්ජා නැද්ද හලෝ...? තමුන් මේ රටට ඩොලර් කීයක් උපයලා තියේද? පහුගිය දවස්වල චීනේ සවාරියකුත් ගියා නේද අහිංසක ගැහැණු වළං හෝදලා එවන ඩොලර් වලින්...