(තරංග ගුණරත්න)
මිදිගම සංචාරක හෝටලයක් අසලදී නාඳුනන පිරිසකගේ වෙඩි පහරකට ලක්ව තුවාල ලැබූ හෝටල් හිමිකරු මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම ජීවිතක්ෂයට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
හෝටල් හිමිකරු ඔහුට අයත් හෝටලය අසල යතුරු පැදියක සිටියදී වෑන් වර්ගයේ මෝටර් රථයකින් පැමිණි නාදුනන පිරිසක් ඊයේ පස්වරු 6:30 ට පමණ හෝටල් හිමිකරුට වෙඩි තබා පලා ගොස් තිබුණි
මෙහිදී බරපතළ තුවාල ලැබූ වයස 31 පමණ වන හෝටල් හිමිකරු ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහලට ඇතුළත් කොට තිබේ. එහිදී වෙඩි වැදී තුවාල ලැබූ Cheeky monkey sleep and cafe නැමති හෝටලයේ හිමිකරුවන පසිඳු සඳරුවන් දොඩම්ගොඩගේ 30 දින අලුයම මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. වෙඩි තබා පලා ගිය පිරිස කවුරුන්ද යන වග මෙතෙක් අනාවරණය වී නොමැති බව සදහන්.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.