IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


වෙඩි කෑ ක්ලබ් වසන්තගේ බිරිය කළුබෝවිල රෝහලට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අතුරුගිරිය ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් මියගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් (ක්ලබ් වසන්ත ) නැමැත්තාගේ බිරිඳ වැඩිදුර ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇතැයි හෝමාගම මූලික රෝහල පවසයි.

මැණික් විජේවර්ධන අද උදෑසන අතුරුගිරිය හන්දිය ආසන්නයේ විවෘත කිරීමට නියමිත රූපලාවණ්‍යාගාරයකට පැමිණි අවස්ථාවේදී නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකුගේ වෙඩි පහරින් මෙසේ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර තිබුණි.

පසුව ඇය ශල්‍යකර්මයක් සඳහා යොමු කොට දැඩිසත්කාරයකගේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇයගේ තත්ත්වය අසාධ්‍ය බැවින් කළුබෝවිල ශික්ෂණ රෝහලට මාරු කර යැවීමට වෛද්‍යවරුන් පියවර ගෙන ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි .

මීට අමතරව රෝහල් ගතව සිටි යොමානා කෞෂධී ශල්‍යකර්මයකට භාජනය කොට මේ වන විටත් දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලබමින් සිටින බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

වෙඩි තැබීමෙන් කොළඹ 07 වෝර්ඩ් ප්ලේස් අංක 02 / සී හි පදිංචි රාජපක්ෂ අප්පුහාමිලාගේ දොන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් (ක්ලබ් වසන්ත )(55) හා අතුරුගිරිය රතුවිලවත්ත  පදිංචි විජේසූරිය ආරච්චිගේ නයන වාසුල විජේසුරිය (37) හැවිරිදි දෙදෙනකු මියගොස් තිබූ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

මෙය වෙඩි ප්‍රහාරයට ලක්වීමට මෙහොතට පෙර ගත් ඡායාරූපයකි

 



අදහස් (3)

වෙඩි කෑ ක්ලබ් වසන්තගේ බිරිය කළුබෝවිල රෝහලට

බමුණු Tuesday, 09 July 2024 03:53 AM

මාධ්‍ය කාරයෝ පාතාලයන්ට පුදුම ප්‍රචාරයක් දෙන්නේ. මේ සිද්ධිය බ්‍රේකින් නිවුස් හැටියට පල කරලා තිබුණ රූපලාවර්ණ ආයතනයක් නොවෙයි පච්චකොටන ස්ථානයක්‌ විවෘත කරන්න කස්ටිය ඇවිත් තිබෙන්නේ. ටිවි නිවුස් වල අපි දැක්ක විවෘත කරන්න ආපු රනින් ෂෝට් එකක් ඇඳගෙන කරාබු දාලා කොන්ඩේ සුදුකරගත්ත සාන්ත පෙනුමක් ඇති ප්‍රභූවරයෙක් අඬ අඬ යනවා. මේ කියන මැතිණියගේ අත් බෑගයේ රිවොල්වරයක් තිබී හමුවුණා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිවේදන වලදී කිව්වා.

:       0       7

ජගත් ලියනගේ Tuesday, 09 July 2024 07:03 AM

"අවි ගත්තෝ අවියෙන් මිය යති" .

:       0       11

fairoos Tuesday, 09 July 2024 11:07 AM

මෙයා නේද ළඟදී කෝටි ගන්න වලට අරක්කු ගෙනැල්ලා පාටි දැම්මේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 281 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site