(පුෂ්පකුමාර මල්ලවආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මිල කළ නො හැකි වාලම්පුරියක් ළඟ තබා ගෙන සිටි බව කියන වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සත්ව අඩවි සහකාරවරයෙකු අද(21 ) අත්අඩංගුවට ගත් බව මිරිගම පොලිසිය කියයි.
මිරිගම පොලිස් වසමේ අඹේපුස්ස රජයේ ගොවිපොල අසල දී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගොඩකලාන, ලෝලුවාගොඩ පදිංචි හතළිස් තුන් හැවිරිදි පුද්ගලයෙකි.
පුද්ගලයෙකු මිලකල නොහැකි වාලම්පුරියක් ලග තබා ගෙන සිටින බවට වැළිසර නාවික හමුදා කදවුරේ නිළධාරින් හට ලද තොරතුරකට අනුව මිරිගම පොලිස් ස්ථානයේ රාත්‍රි ජංගම සංචාරයේ නිළධාරින් කණ්ඩායම විසින් සිදු කරනු ලැබූ සෝදිසි යෙදී මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.
වනජීවි නිලධාරියා වෙත මෙම වාලම්පුරිය ලැබුණු ආකාරය හෙළි කර ගැනීමට ද පරීක්ෂණ පැවැත්වේ මිරිගම පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිථ්‍යාව පස්සේ යන අපේ රටේ හරක් වාලම්පුරි, ගෙදර තියාගන්නවා සෞභාග්‍යය උදාවන්නට... දැන් තේරෙනවද මේ වනජීවී හොරාට වුණුදේ?
මුහුදේ තියන දේවල් ගන්න බැරි ඇයි ? එහෙනම් මුහුදෙ මාළු අල්ලන්නේ...
ඕක විකුණලා ණය බේරපල්ලා...