
පෞරාණික වටිනාකමක් ඇති රත්‍රං බවට සැක කෙරෙන පිළිමයක් වංචණික ලෙස විකිණීමට තැත් පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය කියයි.
විශේෂ කාර්ය බලකාය වව්නියාව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි වව්නියාව කදවුරු අණදෙණ නිලධාරී පොලිස් පරික්ෂක ඒ.එම්.පී.එන්. අධිකාරි ඇතුළු නිලධාරීහු පිරිසක් මොරගොඩ, මෙගොඩවැව, නිවසක් තුළ දී මේවා අත්අඩංගුවට ගෙන ඇත.
පෞරාණික වටිනාකමක් ඇති රත්‍රං බවට සැක කෙරෙන පිළිමයක් වංචණික ලෙස විකිණීමට තැත් කිරීම සහ බලපත්‍ර නොමැතිව බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ සමග සැකකරු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාර කියයි. සැකකරු මොරගොඩ පොලිස් ස්ථානය වෙත බාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd