ආපදාවලට ලක්වූවන්ට සහාන සැලසීම සඳහා වූ අරමුදලට  විවිධ රටවල් සහ විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්  රුපියල් කෝටි 8518 ක පමණ සෘජු හා වක්‍ර සහායක් මේ වන විට ලැබී ඇතැයි අමාත්‍ය විජිත හේරත් මහතා පැවැසීය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා මෙසේ ද කීය.

එම මුදලින් රුපියල් කෝටි 64.6ක මුදලක් රටවල් 51ක පමණ සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන්  ඒ ඒ රටවල තිබෙන මෙරට තානාපති හා මහ කොමසාරිස් කාර්යාල ඔස්සේ ශ්‍රී ලංකාවට එවා තිබෙනව. ඒ සඳහා ඒ ඒ රටවල සිටින ජනතාවගේ සහායද හිමිවී තිබෙනවා.  

එසේම සෘජු මූල්‍ය සහාය ලෙස තවත් රුපියල් කෝටි 236.1 ක පමණ මුදලක් මෙරටට ලැබී තිබෙනවා. තවත් රුපියල් කෝටි 8,217ක් පමණ වටිනා වක්‍ර සහායක් මෙරටට ලැබී තිබෙනවා.