(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

වජිර ගේ කතාව අහන පොහොට්ටු මන්ත්‍රීවරුන් ඉතා ලස්සන බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

වජිර අබේවර්ධන මහතා  අය-වැය විවාදයේ අදහස් දක්වමින් සිටින අතර නැගී සිටි දයාසිරි ජයසේකර මහතා මේ බව කීය.

"බලන්නකෝ වට කරගෙන ඉන්න ලස්සන" යනුවෙන්ද දයාසිරි ජයසේකර මහතා කීය.

වජිර අබේවර්ධන මහතා:-(එජාප)

"ඉතින් ඔයත් පොහොට්ටුවෙ නේ. ඔයත් එන්න කෝ, එතකොට තව ලස්සනයි"