(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අළෙවි අංශයේ ඉහළ තනතුරු දරණ නිලධාරීන් සිවුදෙනෙක් පසුගිය සිකුරාදා වන විට ඉල්ලා අස්වීමේ ලිපි භාරදී තිබූ බව එම සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම නිලධාරීන් සිවුදෙනා පෞද්ගලික අංශයේ රැකියාවට යෑමට ඉල්ලා අස්වන බව ද දැනුම් දී ඇති බව කී නිලධාරියා මහා පරිමාණ ඉන්ධන වංචාවක් සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වෙද්දී නිලධාරීන් මෙසේ ඉවත්වීම ගැටලුවක් බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
මෙරට ඉන්ධන ව්‍යාපාර ආරම්භ කළ විදේශ සමාගමකට සම්බන්ධ වීමට අදාල නිලධාරීන් සූදානම් වන බවත් එම සිව්දෙනාගෙන් ඇතැමුන් අදාල විදේශ සමාගමට ‘සිපොට්කෝ’ සතු වැඩි අළෙවියක් ඇති ඉන්ධන පිරවුම්හල් තෝරා දුන් නිලධාරීන් බවත් ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයෝ පවසති.
රට තුළ ඉන්ධන හිඟයක් පැවැති සමයේ කර්මාන්ත ශාලා සහ හෝටල් ඇතුළු ඉන්ධන බවුසර් ලෙස මිලදී ගත් ආයතනවලට කොමිස් මුදල් ලබාගෙන ඉන්ධන සැපයුවේ යැයි කියන නිලධාරියෙක් ද අස්වීමේ ලිපි දුන් නිලධාරීන් සිවුදෙනා අතර සිටින බව ද සේවකයෝ පවසති.
මෙම නිලධාරීන් ඉල්ලා අස්වීමට පෙර ඔවුන්ගේ වත්කම් පිළිබඳව ආයතනික මට්ටමින් සහ වෙනත් නීති ක්‍රියාත්මක කරන ආයතනය හරහා පරීක්‍ෂණ කළ යුතු බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයෝ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්තමාන ලෝකයේ වෙනත් රටවලට ගොස් සැඟවී සිටීමට හැකියාවක් නොමැත. ඔවුන් නැවත ලංකාවට ගෙන්වා වැරැදි කර ඇත්නම් නීතිය හමුවට ඉදිරිපත් කළයුතු වේ. ඔවුන්ගේ නාම ලේඛනය මාධ්‍ය මගින් පළකිරීමත් වැදගත්... එසේ නොවන්නට සෑම නිලධාරියකුම සොරෙකු බවට පත්වන ආකාරයේ ප්‍රචාරණය ප්‍රමාණවත් නොවේ...
ඉල්ලා අස්වීම් දුන්නමද පරීක්ෂණ මතක් උනේ ඒ අය හොඳ වැටුපකට යයි ඕවා කරනකම් බලන් හිටපු අයටයි දඬුවම් දෙන්න ඕනේ එහෙම කරලා නම්
මේවා පත්තරවල දම දම ඉන්ඩ ඕනෑ දේවල් නෙමෙයි, වංචාවක් වෙලා තියනවනන් අල්ලලා නඩු දාලා අලාභේ අය කරගෙන හිරේ දානන් ඕනෑ, හැම එකම පත්තරේ දමදම මිනිස්සුන්ට කිව්වා කියලා වැඩක් නෑ, පාඩුව අන්තිමට තෙල් ගහන මිනිහයි නොගහන මිනිහයි විඳින්න ඕනෑ, මොන විකාරයක්ද මේ?
අඩු ඉන්ධන අලෙවියක් ඇති ඉන්ධන පිරවුම්හල් ගැනීමට ආයෝජකයෙක් මේ රටට එයිද?
අස් උනාම තවත් ලෙහෙසි පරීක්ෂණ පවත්වන්න හැබැයි රටින් පනින්න දෙන්න එපා. ඒ වගේම හොරුන්ට හොර කම් ගැන පරීක්ෂණ පවත්වන්න දෙන්නත් එපා.
හොරකමට වංචාවට වැට බැඳෙන යාන්ත්‍රණයක් ,නීති පද්ධතියක් සහ ක්‍රියාත්මක ජාලයක් මෙන්ම එය නිවැරදිව ක්‍රියාත්මක වෙන්නේද යන්න සොයා බැලෙන පසුවිපරම් හා ප්‍රගති විමර්ශන යාන්ත්‍රණයක් මේ රටතුළ අවංකවම ඇතිකල යුතුවේ.මෙරට දේශපාලනය ආකර්ශණීය රැකියාවක් බවට පත්කරගෙන සියළු වරප්‍රසාද ලබමින් තමන්ට තම හිතවතුන්ට නෑයන්ට හිතවත් රාජ්‍ය නිලධාරීන්ට පමණක් ප්‍රතිලාභ කෙසේහෝ ලැබෙන ප්‍රවාහයක සිටින මේ රට පාලනය කල මජර දේශපාලකයින් ගෙන් නම් අවංකවම මෙම කාර්යය ඉටුකරවා ගත නොහැකිය මේ සඳහා මෙම දේශපාලන සංස්කෘතිය වෙනස් කල හැකි අදූෂිත ව්‍යාපාරයකින් නම් බලාපොරොත්තු තැබිය හැකිය.
රට ගිය පමණින් නිලධාරින් වැරැදි කාරයෝ නොවේ. වැරදි කරපු නිලධාරින් සේවය කරමින්ම වැරදි කරනවා. ඔය ඇමතිතුමන්ලාගෙත් වත්කම් සොයා බලන්න. එතකොට ඇස් ඇරේවි මට හිතෙන්නේ. වරදක් ඔප්පු උනාම වැරදි කාරයෝ වේවි. වංචාවට සම්බන්ධ සියලු දෙනාම අල්ලලා පෙන්වන්න.
හැබැයි ඉල්ලා අස්වුනා කියලා වරදින් නිදහස් වෙන්නැහැ!
එප්පාවල ෆොස්පේට් කර්මාන්තශාලා සිද්ධියේදී අදාල දේශපාලකයා කියා සිටියේ ....." දැන් නිලධාරියන් හොරකම් කරන්නෙ අහුවෙන්න නොවෙයි..." කියලා...! ඒක ඉතින් ඒ ගොල්ලන් පලපුරුද්දෙන් දන්නවා...! ඉතින් ගැහිල්ලට ලෝක ප්‍රසිද්ධ සිපෙටිකෝ එකේ හොරකම් එලිවෙයි කියලා කවුරුහරි හිතනවා නම් උන් පල් මෝඩයින් විය යුතුයි...! අමතක කරන්න එපා.... මේ රටේ 2015 හොරු අල්ලන්න ආපු කණ්ඩායම අන්තිමට හොරුන්ට අහුවෙලා ලොකු ගණන්වලට විකිණිලා ආණ්ඩුවත් ඒ ගොල්ලන්ට ඡන්ද නැතිවම දුන්නා....! ඉන් පස්සේ ඒ අය 2019 නැවත ඡන්දෙන් පත්වෙලා ආණ්ඩුව කරගන්න බැරිවෙනකොට ආපහු බාරදුන්නේ ඒ ගොල්ලන්ම අල්ලලා හිරේ දානවා යයි පොරොන්දු වූ මහ බැංකු හොරකමට සමිබන්ධ බවට නිල වශයෙන් චෝදනා ලත් කණ්ඩායමට...! ඉතින් මේ රටේ හොරු ඇල්ලීම යනු හීන දකින්නට කැමැති ජහමනයාට තවත් දවල් හීනයක් පමණි.....!