
(යොහාන් භාසුර)
ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය තුළ මේ වනවිට ප්‍රවර්ධනය කරමින් තිබෙන වංචනික ක්‍රිප්ටෝ මුදල් ව්‍යාපාර පිලිබඳ වංචනික දැන්වීම් දැඩි ලෙස හෙළාදකඅන බවත් මෙම වංචනික දැන්වීම් සමාජ මාධ්‍ය හරහා ප්‍රවර්ධනය කරමින් මෙරට ජනතාව නොමඟ යැවීම සිදු කරන්නේ විදේශීය ආයතන විසින් වන බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අනෙකුත් ප්‍රසිද්ධ ශ්‍රී ලාංකික පුද්ගලයින්ගේ නම් භාවිත කරමින් මෙම වංචාසගත ප්‍රචාරණ සිදු කරමින් සිටින බව කියන අග්‍රාමාත්‍ය කාර්යාලය මෙරට ප්‍රසිද්ධ පුද්ගලයින් පිළිබඳ ජනතාව තුළ ඇති සුහදතාව පළුදු කරමින් මහජනතාව නොමඟ යවා ප්‍රසිද්ධ පුද්ගලයින් කෙරෙහි ඇති විශ්වාසය බිඳ දැමීම මෙම දැන්වීම් වල ප්‍රධාන අරමුණ වී ඇති බව ද එම කාර්යාලය සඳහන් කරයි.
ලිතුවේනියාවේ සිට ක්‍රියාත්මක කරන මෙම වංචනික ගිණුම් හරහා කරන මෙම වංචනික දැන්වීම් සහ ප්‍රවර්ධනයන් ශ්‍රී ලංකාවේ ෆේස්බුක් භාවිතා කරන්නන් ඉලක්ක කරමින් සක්‍රියව ක්‍රියාත්මක වෙමින් තිබෙන බව ද එම අමාත්‍යාංශය වැඩි දුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය මිනිසුන් නොමග යවන කපටි පුද්ගලයන් මෙහෙයවන්න ව්‍යාපාරයක් මහබැංකුව අනුමත නැති හොර උගුලක් රැවටෙන්න එපා...
ඔය කොච්චර දැනුවත් කරත්, අපේ උදවිය මුදල් වලට ඇති කෑදරකම නිසා ඔය වංචාවලට අසු වෙනවා. දුන් මුදල් ආපසු ලබා ගත නොහැකි වූ විට, ආපසු රජයට දොස් කියනවා...