(එෆ්.අස්ලම්)
දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සපුරාලීමට නම් ඒකාබද්ධ උතුරු නගෙනහිර පළාතක් තුළ ස්වයං පාලන ව්‍යුහයක් සහිත දේශපාලන විසඳුමක් ජාතික ගැටළුවට ස්ථිර දේශපාලන විසඳුම් වශයෙන් බලකරන බව තමිල් මක්කල් කූට්ටනි පක්ෂයේ මහ ලේකම් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා අවධාරණය කරයි.
තමිල් මක්කල් කූට්ටනි පක්ෂය විසින් මඩකලපුව වාකරෙයි කදිරවේලි ප්‍රදේශයේ පැවැත්වූ ජනතා ගැටලු විමසීමේ වැඩසටහනකට එක්වෙමින් විග්නේෂ්වරන් මේ බව අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සී.වී විග්නේෂ්වරන් මහතා මෙසේද කීය.
නැගෙනහිර පළාත ගත්තම මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රීක්කවල දෙමළ ජනතාව මුස්ලිම්වරුන්ගේ සැලසුම් සහගත ක්‍රියාවන්ට හසුවෙලා. දෙමළ ජනතාවට අයත් ඉඩම් අධික මිලක් දීල මුස්ලිම් ජනතාව මිලදී අරගෙන තියෙනවා කියල මට අහන්න ලැබුණා. මේ වගේ අපේ ඉඩම් මුස්ලිම්වරුන් ඇතුළු අනෙකුත් ජාතීන්ට විකිණීමෙන් අපට අපේ භූමිය නැතිවෙලා යාවි. දෙමළ ජනතාව සුළු ජාතීන් බවට පත් වේවි.
ඒ වගෙම ආර්ථික ප්‍රශ්න නිසා දහස් ගණනක දමිළ කාන්තාවන් ඉස්ලාම් ධර්මයට හරවාගෙන තියෙනවා. එය සැබැවින්ම වේදනා සහගතයි. මේ තත්වයට යන අපේ දෙමළ කතුන් බේරාගත යුතුයි. එය අපගේ වගකීමක්. අපේ කාන්තාවන්ට රැකියා අවස්ථා හිමිකර දිය යුතුයි.
මේ ආකරයට අපගේ භූමියත් ස්වෛරීභාවයත් ගැනීමට නම් ඇත්තේ එකම මගයි. ඒ ඒකාබද්ධ උතුරු නැගෙනහිර පළාතක් තුළ ස්වයං පාලනයට අනුගත දේශපාලන විසඳුමක් උතුරු නැගෙනහිර ජාතික ගැටළුවට ස්ථීර දේශපාලන විසඳුම් වශයෙන් ලබාදිය යුතුයි. ඒ තුළින් දෙමළ ජනතාවගේ ස්වෛරීභාවයත් අයිතිවාසිකමුත් ආරක්ෂා කරගත හැකියි. ඒ සඳහා අප දිරිමත් විය යුතුයි යැයි ද විග්නේෂ්වරන් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රිස්තියානි අපේ සහයෝගය
ජාතික ප්‍රශ්නෙට විසදුම ව්‍යවස්ථා සංශෝධනයකින් ජාතික, රාජ්‍ය, පරිපාලන භාෂා සිංහල කිරීමයි. දමිල කරත් කමක් නැහැ කරගෙන යන්න පුලුවන්නම්. වැඩේ කියන්නේ ලංකාවේ ස්වභාවයට ගැලපෙන එකම භාෂාව සිංහල. එය යට ගැසීමට නොහැක. සිංහල යට ගැහුවොත් ලංකාව යට ගැහුවා වගේ වැඩක්. චාරිත්‍ර වාරිත්‍ර කරන්න ඉඩකඩම්ම ඕනේ නැහැනේ.. ලංකාව අස්ථාවර කිරීම දැන්වත් නැවතුවොත් හොඳයි. ලෝක බලවතුන් ඔවුන්ගේ මානව කටයුතු වල ප්‍රායෝගික පර්යේෂණගාරයක් ලෙස ලංකාව භාවිත කරනවා වගේ මට පෙන්නේ. 21 වෙනි සියවසේවත් ලංකාව ජනරජයක් බැවින් ජනමතය විමසුවිත් හොඳයි. ලංකාවේ අස්ථාවරත්වය අහල එපාවෙලා තියෙන්නේ. ඇමරිකාව වගේ, ඇෆ්රිකන් ඇමරිකන්, ලතින් ඇමරිකන්, ඒෂියන් ඇමරිකන්, වගේ ශ්‍රී ලන්කන් සිංහලීස්, ශ්‍රී ලන්කන් ටැමිල්. විකාර. වර්ග අඩි 65610යිලු, ඇමරිකාව. ඉන්දියාව කරන වැඩ කරන්න හිතන් ඉන්නේ.
කාරණාව එහෙමනම් ලංකාවේ අනිත් සියලුම පළාත් වල ඉන්න සියලුම දෙමල සහ මුස්ලිම් අය ඒ පළාත් වලින් සම්පූර්ණයෙන් ඉවත් වෙන්න ඕන. මොකද ඒ පළාත් දෙකේ දැනටත් සිංහල අයට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් තත්වයක් නැති නිසා ඒ අයව ඉවත් කරගන්න එකේ ගැටළුවක් නෑ. දැන් තියන තත්වේ අනුව එහෙම සුද්ද කරගත්තනම් බයක් සැකක් නැතුව සිංහල අයට ජීවත් වෙන්න පුළුවන් අරගොල්ලන්ට උතුරු නැගෙනහිරට වෙලා ඕන දෙයක් කරගන්න කියල.
කරන්න තියෙන්නෙ එකම දෙයයි. උතුරු නැගෙනහිර හැර ලංකාවෙ අනික් හැම පලාතකම ඉන්න දෙමල අයගෙන් අහලා බලන්න අපේ පලාත් අත්හැරලා එහාට එනවද කියලා ඔයාලට එහෙයි මෙහෙයි දෙකක් දෙන්න බැහැ.
නැගී සිටිය හැක එක්සත්වී.බෙදී ගියොත් රට යයි සුන්වී යන්න නොතේරෙන හිටපු නඩුකාරයෙක්
ස්වයං පාලන දීම අතීසාරයට අමුඩය ගැසීමකි. පළාත් පාලන බලතල වැඩිකර ඉඩම් හා පොලිස් බලතල දුන්විට අනෙකුත් ජාතීන්ට ඉන්නට සිටින්නට නොලැබේ. දැනුදු කලින් උතුරේ සිටි සිංහල හා මුස්ලිම් අය තවමත් සිටින්නේ පිටය.
පළාත් සභාවවත් හරියට කරගත්තේ නැති මිනිහා තව ස්වයං පාලනයක් ඉල්ලනවා
පරණ තැටියට මුස්ලිම් කතාවක් එකතු කරලා
තාම මේ මනුස්සයට අමතක වෙලා නැතුව ඇති.
කොටි පුල්ලි
ලංකාව ප්‍රමාණයෙන් හරියටම තමිල්නාඩුවෙන් භාග යයි . ලංකාවේ ජනගහනය තමිල්නාඩු ජනගහනයෙන් හතරෙන් එකකට ආසන්න බොහොම සුළු ජනගහනයක් . එයිනුත් දෙමල කතාකරන්නේ රටේම ජනගහනයෙන් ලක්ෂ 30 කටත් අඩු පිරිසක් . එයින් බාගෙට බාගයක් සිංහල දන්නවා . ඒ නිසා ඔවුන්ට මේ රටේ පළාත් බෙදන්නේ නැතුව ජීවත්වෙන්න ප්‍රශ්නයක් නැහැ . සිංහල නොදන්නේ උතුරේත් නැගෙනහිරත් ජීවත්වෙන පිරිසෙන් කොටසක් විතරයි . අපි හිතමු ලක්ෂ 15 ක් විතර ජනතාව රටේ මහා බාශාව දන්නේ නැහැ කියල . ඒ මිනිස්සුන්ගේ ගොඩ දෙනෙක් තමන්ගේ භාෂාවවත් හරියට ලියන්න දන්නේ නැහැ , මේක තමයි සත්‍යය . එතකොට මේ විග්නේශ්වරන්ලා , ප්‍රභාකරන්ලා , තව තව අය හදන්නේ මෙන්න මේ කට්ටියව ඉත්තන්ට තියල බල කෑදරකමට සටන් කරන්නයි .අපි 1948 දී සිංහල කළු සුද්දන්ට අහු උනා වගේ අර මෙලෝ හසරක් දන්නේ නැති අවශ්‍යත් නැති ජනතාවව කුලප්පු කරලා ඒ මතින් මුන් පළාත් බෙදාගෙන රට බෙදාගෙන වනසන්නයි හදන්නේ . කෝටි 2 කට විතර දෙමල උගන්වන්න අවශ්‍ය නැහැ . අර අකුරු දන්නේ නැති ලක්ෂ 15 ට සිංහල උගන්වන්න. එතකොට මේ දෙමල දේශපාලකයන් කරන්න හදන දේ ඔවුන්ට තේරෙයි . එදාට ඔවුන් කියයි කලින් දැනන් හිටියනම් ප්‍රභාකරන්ව මරන්නේ ඔවුන් බව.
ස්වයං තියා මොන ලබ්බේ පාලනේ ගෙනාවත් මුස්ලිම්කරණය වෙනවා. උතුරේ විතරක් නෙවේ දකුණේ අපිටත් කෙල වෙලා ඉන්නේ. ඔහේ ඇත්තටම ජාතියට ආදරේ නම් මේ වෙලාවේ බෙදෙන්න නෙවේ එකතු වෙන්න ඕනි.
මුස්ලිම් ජනතාවට ඉඩම් මිලදී නොගන්න අපි කල්ල තෝනිද. මුස්ලිම් ජනතාව වැඩියෙන් වගාකටයුතු නොකරන නිසා අපේ මුතුන්මිතන් අතීතයේ ඉඩම් බදාගෙන නැහැ. ගෙයක් හදාගන්න කුඩා ඉඩම් ප්‍රමාණයකත් සෑහෙන මිලක් ගෙවන්න ඕන හරියට වෙන රටක ජීවත් වෙනවගේ. දෙමළ කතුන් ඔබලා බේරාගතයුතුයි වගේම අපේ පුරුෂ පාර්සවයත් ඔවුන්ගෙන් බේරාගත යුතුයි.
නරකද වැඩක් බලාගත්තනම්. කට්ටිය මොකටද එන්නේ කියල දන්නවා හැරෙනකොටම
දෙමළ ජනතාවනේ, මෙයාව විශ්වාස කරන්න එපා. මෙයා ඡන්ද ගන්න අවුස්සනවා. කොහොමටත් ස්වයං පාලනයක් ලැබන්නම නැහැ. ඕක ලැබෙන්න නැති බව ඔහුත් දන්නවා. ඔහොම ස්වයං පාලනයක් දෙනව නම්, අපේ රණවිරුවන් ජීවිත පරිත්‍යාග කරාවිද?
ආයෙත් අපේ දෙමළ ජනතාව යුද්ධයකට පටලන්නයි හදන්නේ මේ අපේ නඩුකාර මෝඩයා. අපට නිදහසේ ඉන්න දෙන්න දැන්වත්... අපේ ද්‍රවිඩ පාලකයන් අපට දුන්නේ කරදර විතරයි.
දෙන්නම් දෙන්නම් පිඟානක තියලම.
මුස්ලිම්වරු කැමති නැහැ උතුර සහ නැගෙනහිර එකතු වෙනවට. ඒක හින්ද උතුරු නැගෙනහිර එක්වීම ගැන හිතින් අයින් කර ගන්න
සිරභාරයට ගන්න ඕනේ. ත්‍රස්ත වාදය හා ජාති වාදය පතුරනවට.... නටන්නේ කොටි ඩයස් පෝරාවට ඕනේ විදිහට...
හරි ලේසි වැඩේ ජනගහනය අනුව රට හතරට බෙදා ප්‍රධාන ආගම් හතරට දුන්නා නම් හරි. අනේ අනේ.
ඔය මානසික ආබාධයට එකම විසඳුම තියෙන්නෙ සොබාදහම අතේ....මේ මිනිස්සු ලෝකෙට කේලම් කියමින් රට කඩන්න වැඩ කරන්නෙ.