IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


’’විගණනයට මම සූදානම්’’

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්  225 දෙනාගේම ආදායම් සහ වත්කම්  විධිමත් විගණනයට ලක් කළ යුතු බවත් එම කටයුත්ත තමාගෙන් ආරම්භ කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බවත් සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පැවැසීය.

වසර 30ක දේශපාලනයේදී තමා දේශපාලනයෙන් අයථා ලෙස මුදල් හරි හම්බ කරගත් පුද්ගලයෙකු නොවන බව  සඳහන් කළ මන්ත්‍රීවරයා වත්කම් සම්බන්ධයෙන් විගණන පරීක්ෂණයකට පමණක් නොව වෙන ඕනෑම පරීක්ෂණයකට  මුහුණදීමට සූදානම් බවද ප්‍රකාශ කළේය.

අලවතුවල මහතා මෙසේ පැවසූවේ කුරුණෑගල දී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

පාර්ලිමේන්තුවේ දෙසිය විසි පහටම අද  හොරු  කියන ලේබලය අලවා ඇති බවත් සාධාරණ අවංක ලෙස දේශපාලනය කරන   මන්ත්‍රීවරුන්ට මින් බරපතළ අසාධාරණයක් සිදුවන බවත් හෙතෙම සඳහන් කළේය.

පාර්ලිමේන්තුව  1977 පසුව  නියෝජනය කළ  සියලුම මන්ත්‍රීවරුන්  මෙන්ම   පළාත් සභා, පළාත් පාලන ආයතන නියෝජිතයන්, සංස්ථා ආයතන මණ්ඩල නිලධාරීන් ඇතුළු සියලු දෙනා  විගණනයට ලක් කළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.

සාධාරණ දේශපාලනයක යෙදුණු දේශපාලනඥයන්ට සාධාරණයක් වෙන්නත් අවංක සේවයක් කළ නිලධාරීන්ට සාධාරණයක් වෙන්නත් විගණන පරීක්ෂණ වැඩපිළිවෙළ  වහාම ආරම්භ කළ යුතු බව  පැවසූ ජේ සී අලවතුවල මහතා  ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ඕනෑම පනතකට  තමා සහය දෙන බවද සඳහන් කළේය.



අදහස් (4)

’’විගණනයට මම සූදානම්’’

දාස Sunday, 17 April 2022 12:33 PM

දැනටම හොයාගත්තු ඒ එක එකාගේ නම්වලට හරවලා ඇති.., තොත්ත බබා

:       6       22

nimalSunday, 17 April 2022 06:06 PM

වසර ගණනාවක් දේශපාලනයේ යෙදී සිටියත් මෙතෙක් වත්කම්, බැරකම් සම්බන්ධයෙන් විගණන පරීක්ෂණ පිළිබඳව නිහඬව සිටි දේශපාලකයින් වර්තමානයේ එවැනි විගණනයකට මුහුණ දීමට සූදානම් බව ප්‍රකාශ කරමින් සිටියි. වසර 30ක් පාර්ලිමේන්තුවේ නියෝජනය කළ ඔබලාගේ විගණන පරීක්ෂණ සඳහා හදිසියේ ඇතිවූ සූදානම පිළිබඳව අපි කණගාටු වෙමු...! 

:       1       9

නිශාන්ත Sunday, 17 April 2022 04:29 PM

මෙතුමාගේ ඉදිරිපත් වීම අගය කළයුතුයි. මෙතුමාගෙන් පටන් ගෙන අනෙක් 224 දෙනාගෙත් විගණනය කරන්න. නමුත් මම නම් සිතන්නේ නැහැ මේ අය නූගත් අයකියා.. තමන්ගේම ගිණුම්වලට අයථා ලෙස ඉපැයූ මුදල් දාගන්න තරම්.. එමනිසා මම යෝජනාවක් කරන්න කැමැතියි මේ අයගේ දරුවන්ගේ, බිරින්දෑවරුන්ගේ සහ පවුලේ අයගේත් විගණනය කරන්න. එවිට හොරු හඳුනා ගැනීම පහසු වේවි... ඒ වගේම ප්‍රාදේශීය සභා, නගර සභා සහ පළාත් සභා වලත් මේ ක්‍රමයටම විගණනය කරන්න. මොකද මේ අය මේවා පුරුදු වෙන්න කරනවා නෙමෙයි. නීති උපදේශක සහායත් සමඟයි කරන්නේ... මේ සියලු දෙනාගේම අයථා ගනුදෙණු වලින් කළ සියලු ඉපැයීම් රාජසන්තක කර මන්ත්‍රී ධුරය අහෝසි කරන්න. වැටුප් දීමනා රහිත ගරු සේවයක් බවට පත් කරන්න. එදාට රට නිවැරැදි මගට ගමන් කරාවි...!

:       0       20

gamaathi Sunday, 17 April 2022 07:23 PM

මේ යෝජනාව අගය කළ යුතුය... හොඳ දේ නරක විදිහට දකින සමාජයක් නිසා තමයි අද මේ රටට මේ වින්නැහිය වෙලා තියෙන්නේ.. !

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 288 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 812 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1227 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site