(සමන් පාලිත නානායක්කාර)

හල්දුම්මුල්ල වංගෙඩිගල කන්දේ ඇති වූ ගින්නකින්ගි  අක්කර 20 කට අධික ප්‍රදේශයක් විනාශ වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති .

වංගෙඩිගල කන්දේ ඊයේ  සවස  ඇතිවූ ගින්න මේ වෙනවිට වංගෙඩිගල රක්ෂිතය දෙසට පැතිර ගොස් ඇතැයි ද හපුතලේ අඩවි වන නිලධාරී ඩබ්ලිව්.එම්.පී.සී.සිරිසේන මහතාද සමග එක්වී විශාල පරිශ්‍රමයක් දරමින් නිවීමට උත්සාහ කළ ද මහජනතාවගේ සහාය නොලැබෙන නිසා  ගින්න නිවීම ඉතා අසීරු කාර්යයක් වී ඇති බව හල්දුම්මුල්ල බීට්ටු වන නිලධාරි එස්.ඩබ්ලිව් රංජිත් මහතා පැවසීය.