IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


වගා ළිදේ සිරවී සිටි ඇත්පැටවකු සමග ඇතින්නියන් දෙදෙනෙකු බේරාගනී

උපුල් තම්මිට

අනාරක්ෂිත වගා ළිඳකට ඇදවැටී සිටි වයස අවුරුදු එකහමාරක කුඩා ඇත්පැට‍වෙක් සමග ඇතින්නියන් දෙදෙනෙකු නිරුපද්‍රිතව බේරා කැලයට මුදා හැරීමට රිටිගල වනජීවී කාර්යාලයේ නිලධාරීහු පිරිසක් අද (07) සමත්වූහ.

ගලෙන්බිදුනුවැව පඩිකාරමඩුව ගම්මානයට නුදුරු හුරුලු රක්ෂිතයට අයත් බමුනුත්තුව කැලෑවේ අතහැර දමන ලද වගා ළිදකට මෙම අලින් තිදෙනා ඇද වැටී ඇති අයුරු පළමුවෙන්ම දැක ඇත්තේ බමුනුත්තුව ගම්මානයේ වැසියෙකු විසින්ය.

උදෑසන ගව පාළනය සදහා කැලයට ගිය අවස්ථාවේ මේ බව දුටු වහාම රිටිගල වනජීවී නිළධාරීන් දැනුවත් කිරීමත් සමග රිටිගල වනසත්ව අඩවි ආරක්ෂක කුමාර හේරත් මහතා ප්‍රමුඛ නිළධාරීන් පිරිසක් එම ස්ථානයට පැමිණ පළමුවෙන්ම ස්ථානීය පරීක්ෂණයක් සිදුකරනු ලැබීය.

පවතින නියගය සහිත කාලගුණය හේතුවෙන් ජලය සොයා ගමන් කිරීමේදී මෙම අකරතැබ්බයට මෙම අලි තිදෙනා මුහුණ දී ඇති අතර අද අලුයම් කාලයේදී මෙලෙස අනාරක්ෂිත වගා ලිදට ඇද වැටී ඇතැයි තහවුරු කලේය.

වගා ළිඳට වැටී සිටි ඇතින්නියන් දෙදෙනා කුඩා ඇත්පැටවා මනුෂ්‍යන්ගෙන් වසන් කිරීමට බලවත් උත්සාහයක් දරන අයුරු මෙහිදී දක්නට ලැබිණි.

වනජීවී නිලධාරීහු බැකෝ යන්ත්‍රයක් රැගෙනවිත් ඉතාම ප්‍රවේශමෙන් වගාලිදේ ඉවුරු බිද නිරුපද්‍රිතව අලින් තිදෙනා හුරුලු රක්ෂිතයට මුදා හැරීමට කටයුතු කළහ.

පසුව එම වගා ළිද නැවත වරක් මෙවැනි අකරතැබ්බයන් හට මුහුණ දීමට සිදුවන වනසතුන් ආරක්ෂාකාරී නැවත ගොඩඒමට හැකිවන පරිදි ඉවුරු සකස් කරනු ලැබීය.

රිටිගල වනජීවී කාර්යාලයට අනුයුක්තව සේවය කරන වනසත්ව අඩවි ආරක්ෂක කුමාර හේරත් මහතාගේ අධීක්ෂනයෙන් වනසත්ව නියාමක වරුන් වන  දිල්ෂාන්, රොෂාන් හා සිවිල් ආරක්ෂක විමලතුංග යන නිළධාරීන් විසින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබීය.    
 



අදහස් (3)

වගා ළිදේ සිරවී සිටි ඇත්පැටවකු සමග ඇතින්නියන් දෙදෙනෙකු බේරාගනී

Champa Wednesday, 08 April 2020 03:06 PM

වඩාත්ම වැදගත් දේ අනාරක්ෂිත වගා ලිඳ ආරක්‍ෂිත කරපු එක. ඇතින්නියන් දෙන්නයි පැටවයි වේලාසනම බේරා ගත්ත එක ගැන සතුටුයි. මේ දවස් වල ඇඳිරි නීතිය හින්ද වන ජීවී නිලධාරීන්ට කලින් තරම් වැටලීම් කරන්න යන්න අවශ්‍ය නැතුව ඇති නේද? නරකද ලංකාවේ රක්ෂිතවල සිතියමක් අරගෙන එහෙම නැත්නම් අලුතෙන් අන්දවලා හරි මේ වගේ අනාරක්ෂිත වගා ළිං තියෙන තැන් ලකුණු කරන්න පටන් ගත්තනම්. එතකොට සත්තු වැටෙන්න ඉස්සෙල්ල ඒව වටේ ආරක්‍ෂිත වැටක් හරි ගහන්න පුළුවන්නේ. ඒ වගේම සත්තුන්ට වතුර තියෙනවවාද කියලත් බලන්න ඕනේ. මේ අහල පහල වතුර නැත්නම් මේ අලි ආවේ වතුර හොයා ගෙනද දන්නේ නැහැනේ. අලියා කියන්නේ හොඳට නුවණ තියෙන සතෙක්. ඒ හින්ද මේ වගේ හොඳට පෙනෙන ලිඳකට අලි තුන්දෙනෙක්ම නිකම් වැටෙන්න විදිහක් නැහැ. නැත්නම් අලි පැටියා මුලින් වැටිලා ඇතින්නියෝ පැටියව බේරගන්න ගියාද දන්නේ නැහැ. මොක වුනත් මේ ඇතින්නියෝ දෙන්නයි අලි පැටවයි ගැන කිව්ව ගැමියාට හුඟක් ස්තුති වෙන්න ඕනේ. ලංකාවේ දැන් වල් අලි ඉන්නේ 3000 කටත් අඩුවෙන්.

:       0       41

ලුම්බිණි Thursday, 09 April 2020 05:59 AM

අනාරක්ෂිත වගා ලිඳ ආරක්‍ෂිත කරපු එක ඉතාම හොඳ දෙයක්. මෙවැනි ලිං තිබෙනවා නම් එම ලිං මේවගේම ආරක්‍ෂිත කරන්න පුළුවන් නම් කොපමණ හොඳද?

:       0       0

rasika Wednesday, 15 April 2020 09:05 AM

වගා ලිදේ කාණුවක් සකස් කලොත් ජීවිත බේරී, අනවශ්‍ය වියදම අඩු වේවි....!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 146 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 43 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site