(අංජුල මහික වීරරත්න)
2021-22 මහ කන්නයේ වගා හානි සඳහා රුපියල් මිලියන 657ක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ගොවීන්ට බෙදා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
වගා හානි සිදුවූ ගොවීන්ට වන්දි ලබා දීම සඳහා රජය වෙන් කර ඇති මුදල් උපයෝගී කර ගනිමින් මෙම වන්දි ලබා දී ඇත.
2021-22 මහ කන්නයේ දී නියඟය, ගංවතුර හා වන අලි හානි මගින් වගාවන්ට සිදුවූ හානිය සැලකිල්ලට ගනිමින් මෙම වන්දි මුදල් ප්‍රදානය කිරීමට පියවර ගෙන ඇත. මේ යටතේ ගොවීන් 31,613කට අක්කර 42,934ක් සඳහා වන්දි ලබා දීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
බෝග වර්ග හයක් සඳහා අක්කරයකට ලබා දෙන රක්ෂණ මුදල රුපියල් ලක්ෂය දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
ඒ සඳහා රජය රුපියල් 40,000ක් ලබා දෙන අතර ගොවීන්ට ඉතිරි මුදල වන රුපියල් 60,000 සඳහා තම අභිමතය පරිදි කන්නයකට රුපියල් 6400ක් ගෙවා අක්කරයකට රුපියල් ලක්ෂයක් වන්දි ලබා ගැනීමේ වැඩ සටහනෙහි දායකත්වය ලබා ගත හැකි බව අමාත්‍යාංශය පවසයි .
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
වගා හානි වූ ගොවීන්ට අස්වැසිල්ලක්