(යොහාන් භාසුර)

’යුරේනියම්’ නැමැති විකිරණය ගබඩාකර ඇති බව හෙළි නොකර හම්බන්තොට වරායට ඇතුල්වූ චීන භාණ්ඩ ප්‍රවාහන නෞකාව මේ වන විට වරායෙන් පිටතට යවා ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා  අද (21) පස්වරුවේ පැවසීය.

කාර්මික දෝෂයක් හේතුවෙන් අදාල නෞකාව හදිසියේ පෙරේදා (20) හම්බන්තොට වරායට ඇතුල්කර ඇති බවත් එහි ’යුරේනියම්’ ගබඩා කර ඇති බව හෙළිවීමෙන් පසුව පිටත්කර හැරීමට පියවර ගත් බව ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම නැව පිළිබඳව කලබල වීමට අවශ්‍ය නොවන බවත් මෙවැනි විකිරණයන් ‘අන්තරාදායක නැව් භාණ්ඩ’ කාණ්ඩය යටතේ ප්‍රවාහනය කිරීම සාමාන්‍ය තත්වයක් බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ නැව අලුත්වැඩියාව සම්පූර්ණ කරගත්තේ ද යන්න නොදන්නා බවත් මේ වන විට කිසිඳු අවදානමක් නොමැති බවත්ය.

නෙදර්ලන්තයේ සිට චීනය බලා යත්‍රාකරමින් තිබියදී කාර්මික දෝෂයකට ලක්වීම නිසා අලුවැඩියාවක් සඳහා හම්බන්තොට වරායට ඇතුල්වීමට ශ්‍රී ලංකා පරමාණු බලශක්ති නියාමන සභාව අදාල අදාල නැවට අවසර ලබාදී ඇති බවත් එහි ’යුරේනියම්’ නැමැති විකිරණය ගබඩා කර ඇති බවට හෙළිවීමත් සමඟ වරායෙන් පිටතට යොමු කර තිබේ.