
(අංජුල මහික වීරරත්න)
එප්පාවල, ගිරිඛාව, රාජාංගනය සහ නොච්චියාගම ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතියේ අදියර 1 ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මායිම් ප්‍රදේශ වල නිදන්ගත වකුගඩු රෝගයේ ව්‍යාප්තියට විසැඳුමක් ලෙස එප්පාවල, ගිරිබාව, රාජාංගනය සහ නොච්චියාගම ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තීරණය කර ඇත.
එම ව්‍යාපෘතිය යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9ක ග්‍රාම නිලධාරී වසම් 134ක් ආවරණය කිරීමට මූලිකව සැලසුම් කර ඇති අතර, බලපෑමට ලක්ව ඇති ප්‍රදේශ වල පවතින සෞඛ්‍ය අවදානම සහ ආරක්ෂිත පානීය ජලය නොමැතිකම සැලකිල්ලට ගෙන, එප්පාවල, ගිරිබාව, රාජාංගනය සහ නොච්චියාගම ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතිය - අදියර 1 ලෙස ප්‍රතිව්‍යුහගත කර තිබේ.
ඒ අනුව, එප්පාවල, ගිරිබාව, රාජාංගනය සහ නොච්චියාගම ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතිය - අදියර 1, 2026-2029 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
802
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වකුගඩු ලෙඩ වැඩි වසම් 134කට පිරිසිදු වතුර දෙයි