
(අංජුල මහික වීරරත්න)
එප්පාවල, ගිරිඛාව, රාජාංගනය සහ නොච්චියාගම ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතියේ අදියර 1 ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මායිම් ප්‍රදේශ වල නිදන්ගත වකුගඩු රෝගයේ ව්‍යාප්තියට විසැඳුමක් ලෙස එප්පාවල, ගිරිබාව, රාජාංගනය සහ නොච්චියාගම ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට තීරණය කර ඇත.
එම ව්‍යාපෘතිය යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9ක ග්‍රාම නිලධාරී වසම් 134ක් ආවරණය කිරීමට මූලිකව සැලසුම් කර ඇති අතර, බලපෑමට ලක්ව ඇති ප්‍රදේශ වල පවතින සෞඛ්‍ය අවදානම සහ ආරක්ෂිත පානීය ජලය නොමැතිකම සැලකිල්ලට ගෙන, එප්පාවල, ගිරිබාව, රාජාංගනය සහ නොච්චියාගම ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතිය - අදියර 1 ලෙස ප්‍රතිව්‍යුහගත කර තිබේ.
ඒ අනුව, එප්පාවල, ගිරිබාව, රාජාංගනය සහ නොච්චියාගම ඒකාබද්ධ ජල සැපයුම් ව්‍යාපෘතිය - අදියර 1, 2026-2029 කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd