(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බොරැල්ල කොටා පාරේ පෞද්ගලික රෝහලක සිදු වූ බව කියන වකුගඩු ජාවාරමේ ප්‍රධාන නියෝජිතයා ලෙස කටයුතු කළ පුද්ගලයා කොළඹ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය කජිමා වත්ත ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් බසීර් මොහොමඩ් රාජාබ්ඩින් නොහොත් බායි නමැති 41 හැවිරිදි පුද්ගලයෙකි.

ඉකුත් දින කීපය තුළ සැකකරු ප්‍රදේශය හැර සහ ගොස් තිබූ අතර කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක 2හි ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර් එම් රත්නමලල මහතා ට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

වකුගඩුවකට රුපියල් කෝටි එකහමාර, ලක්ෂ 80 ආදී විවිධ මිල ගණන් ලබා දෙන බව පවසා කොළඹ 14 සහ 15 ප්‍රදේශ වල පදිංචි දිළිඳු පවුල්වල පුද්ගලයන් 4 දෙනකු සහ කාන්තාවකගෙන් වකුගඩු ලබාගෙන රුපියල් දෙලක්ෂ පනස් දහසක් වැනි සුළු මුදලක් ලබාදී මෙම ජාවාරම පවත්වාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.