(මනෝප්‍රිය ගුණසේකර)

ඉන්ද්‍රියන් බද්ධ කළ බව කියන පෞද්ගලික රෝහල සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කිරීම සඳහා සත් පුද්ගල කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යංශය පත් කොට ඇත.

නියෙයා්ජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයකුගේ ප්‍රධානත්වයෙන් යුතු විශේඥ වෛද්‍යවරුන් 05 දෙනෙකු ඇතුළු සත් පුද්ගල කමිටුවක් පත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ඉන්ද්‍රියන් බද්ධ කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් ප්‍රචාරය වු කරුණු සහ වෙනත් කරුණු මත මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් මත මෙම විමර්ශනය කරන බවද අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.