
(දයාසීලි ලියනගේ)
විදුලි ගාස්තු සංශෝධනයත් සමග වී තොග සහල් කිරීමේදී දැරීමට සිදු වන නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සලකා බලා වී තොග සහල් කිරීමේදී වැය කරන මුදල වැඩි කිරීමට භාණ්ඩාගාර ලේකම් සිරිවර්ධන මහතා තීරණය කර ඇත.
ඒ අනුව අඹන ලද සුදු නාඩු සහ රතු නාඩු කිලෝවක් සහල් කිරීම සඳහා වැය කරන මුදල රුපියල් 9.50 සිට 10.70 දක්වා වැඩි කිරීමට ද සුදු කැකුළු සහ රතු කැකුළු වී කිලෝවක් සහල් කිරීම සඳහා වැය වන මුදල රුපියල් 7 සිට 8.75 වැඩි කිරීමටද තීරණය කර ඇතැයි භාණ්ඩාගාර ලේකම්වරයා සියලු දිස්ත්‍රික්ක ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් මගින් උපදෙස් දී ඇත.
වී වල තෙතමනය 14% ට වඩා වැඩි සහ තෙතමනය 22% හෝ ඊට වඩා අඩු වී කිලෝග්‍රෑම් එකක් නිසි ප්‍රමිතියට වියළීම සඳහා වැය වන වියදම වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා ගෙවනු ලබන රුපියල් 4.50ක මුදල රුපියල් 4.75 දක්වා වැඩි කිරීමට ද තීරණය කර ඇත.
2025 දෙසැම්බර් මස 18
380
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
225
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වී සහල් යන මුදල වැඩි කරයි
ලීලසේන Tuesday, 07 March 2023 11:05 AM
එතකොට පාරිභෝගිකයාගේ පිරිවැය පියවන්න පඩි වැඩි වෙනවද ?
CC Tuesday, 07 March 2023 03:22 PM
රත්නපුර දිස්ත්‍රික්කයේ ,කිරිඇල්ල ප්‍රාලේට අයත් අපේ ගමේ වීමෝලේ හාල් කිලෝ එකක් කොටන්න පමණක් රු.10 ක් අයකරයි. නමුත් විදුලි ගාස්තු නව සංශෝධනයත් එක්ක කොපමණ වෙයිද කියන්න බැහැ. ඒ සඳහා පාර්භොගිකයන් ආරක්ෂා කිරීමට ගාස්තු නියමයක් ගේන්න දිස්ත්‍රික් ලේකම්ට බලයක් නැද්ද
Bamunuarachchi Tuesday, 07 March 2023 06:15 PM
එකම පිළියම පිටරටින්, ඉන්දියාවෙන්, චීනෙන් සහල් ගෙන්වමු. පොහොර ප්‍රශ්න නැහැ, වතුර ප්‍රශ්න නැහැ, විදුලි ප්‍රශ්න නැහැ, රජයට බදු ලැබිලා අපිට ලාබෙට සහල් ලැබෙනවා. එහෙම හොඳයි නේද?