
(දයාසීලි ලියනගේ)
විදුලි ගාස්තු සංශෝධනයත් සමග වී තොග සහල් කිරීමේදී දැරීමට සිදු වන නිෂ්පාදන පිරිවැය ඉහළ යාම සලකා බලා වී තොග සහල් කිරීමේදී වැය කරන මුදල වැඩි කිරීමට භාණ්ඩාගාර ලේකම් සිරිවර්ධන මහතා තීරණය කර ඇත.
ඒ අනුව අඹන ලද සුදු නාඩු සහ රතු නාඩු කිලෝවක් සහල් කිරීම සඳහා වැය කරන මුදල රුපියල් 9.50 සිට 10.70 දක්වා වැඩි කිරීමට ද සුදු කැකුළු සහ රතු කැකුළු වී කිලෝවක් සහල් කිරීම සඳහා වැය වන මුදල රුපියල් 7 සිට 8.75 වැඩි කිරීමටද තීරණය කර ඇතැයි භාණ්ඩාගාර ලේකම්වරයා සියලු දිස්ත්‍රික්ක ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් මගින් උපදෙස් දී ඇත.
වී වල තෙතමනය 14% ට වඩා වැඩි සහ තෙතමනය 22% හෝ ඊට වඩා අඩු වී කිලෝග්‍රෑම් එකක් නිසි ප්‍රමිතියට වියළීම සඳහා වැය වන වියදම වෙනුවෙන් සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා ගෙවනු ලබන රුපියල් 4.50ක මුදල රුපියල් 4.75 දක්වා වැඩි කිරීමට ද තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට පාරිභෝගිකයාගේ පිරිවැය පියවන්න පඩි වැඩි වෙනවද ?
රත්නපුර දිස්ත්‍රික්කයේ ,කිරිඇල්ල ප්‍රාලේට අයත් අපේ ගමේ වීමෝලේ හාල් කිලෝ එකක් කොටන්න පමණක් රු.10 ක් අයකරයි. නමුත් විදුලි ගාස්තු නව සංශෝධනයත් එක්ක කොපමණ වෙයිද කියන්න බැහැ. ඒ සඳහා පාර්භොගිකයන් ආරක්ෂා කිරීමට ගාස්තු නියමයක් ගේන්න දිස්ත්‍රික් ලේකම්ට බලයක් නැද්ද
එකම පිළියම පිටරටින්, ඉන්දියාවෙන්, චීනෙන් සහල් ගෙන්වමු. පොහොර ප්‍රශ්න නැහැ, වතුර ප්‍රශ්න නැහැ, විදුලි ප්‍රශ්න නැහැ, රජයට බදු ලැබිලා අපිට ලාබෙට සහල් ලැබෙනවා. එහෙම හොඳයි නේද?