(අංජුල මහික වීරරත්න)
2022/23 මහ කන්නයේ වී වගාවට රසායනික පොහොර සියයට 70ක් හා කාබනික පොහොර සියයට 30ක් ලෙස යෙදීමට කෘෂිකර්ම මහාචාර්යවරුන් නිර්දේශ කර තිබෙි.
වී වගාව සඳහා රසායනික හා කාබනික පොහොර යොදාගත යුතු ආකාරය සම්බන්ධයෙන් කෘෂි අංශ විද්වතුන්ගෙන් අදහස් හා යෝජනා විමසීම අද (28) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද මරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට මහාචාර්ය බුද්ධි මාරඹේ, මහාචාර්ය වර්ෂි දන්දෙනිය, මහාචාර්ය සමන් ධර්මකීර්ති, ආචාර්ය උපුල් රත්නායක යන මහත්මීහු මෙන්ම අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා යන මහත්වරු ඇතුළු නිලධාරිහු පිරිසක් සූම් තාක්ෂණය ඔස්සේ සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වී වගාවට හෝ වෙනත් බෝගවර්ග සහ කෘෂි රසායනික යොදන ආකාරය (අනුපාතය / පොහොර යොදන අනුපාතය පිළිබඳ දේශපාලකයන් විසින් තීන්දු නොගෙන මහාචාර්ය / විද්වත් උපදෙස් සහ නිර්දේශ අනුව ක්‍රියාත්මක වීම දේශපාලකයන් විසින් සිදුකළ යුතුවේ. ගොවින් වෙතද මෙම පණිවුඩය මාධ්‍ය මගින් ලබාදිය යුතු අතර, රටට කිසිදු ප්‍රයෝජනයක් නොමැති දේශපාලන සකච්ඡා නවත්වා ආර්චාර්ය/මහාචාර්ය / විද්වතතුන් සහ ගොවින් මාධ්‍ය වෙත ගෙන්වා දෙපාර්ශ්වයේම අදහස් සහ ක්‍රමවේද රටට ලබාදෙන්න. ඒ සඳහා රටේ සෑම පළාතකම (පළාත් 09 නියෝජනය වන ආකාරයෙන්) ගොවීන්ගේ නියෝජනය වැදගත් වේ.
අශ්වයාට යන්න ඇර ඉස්තාලය වැසීමේ ක්‍රම ගැන කතාකිරීම...
ගොවියන්ට සුපුරුදු ලෙස ගොවිතැන කරගන්න ඉඩදීලා මහාචාර්යවරු ඔවුන්ගේ වැඩක් බලාගන්න. ගියවර දොස්තරලා දුන්නු උපදෙස් නිසා නන්දෙ කළ ගොන් වැඩ අපි තවම අත්විඳිනවා. මෙහෙ කාබනික පොහොර කියලා දෙන්නේ වැලි මිශ්‍ර අළු... ඔය කාබනික පොහොර බෝතලයකට දමලා වතුර වක්කළාම... බලාගන්න පුළුවන් තිබෙන වැලි සහ අපද්‍රව්‍ය ප්‍රමාණය.
කාබනික පොහොර යෙදීමෙන් වැඩි අස්වැන්නක් ලැබෙන වී ප්‍රභේද හඳුන්වා දියයුතුයි... මෙම වී පාරම්පරික හෝ දෙමුහුන් වී ප්‍රභේදයක් ලෙස හඳුනාගැනීම සුදුසු වේ. වී පර්යේෂණ ආයතනවලට එම වගකීම පැවරිය යුතුය...!