(අංජුල මහික වීරරත්න)
මහ කන්නයේ වී වගා කරන ගොවීන් සඳහා හෙක්ටයාර එකකට යූරියා පොහොර කිලෝග්‍රෑම් 176 ක් බැගින් ලබාදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇතැයි කෘෂිකර්ම, වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මහ කන්නය සඳහා ගොවීන්ට වගා ණය මුදල් පිරීනැමීමේ වැඩසටහනකට නෙටොල්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානයේදී සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මහ කන්නය සඳහා ගොවීන්ට වගා ණය නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් අද (14) දින ආරම්භ වූ අතර, අමාත්‍යවරයා අතින් ගොවීන් 10 දෙනෙකුට රුපියල් .50,000 බැගින් වගා ණය ලබාදීම සිදු කෙරිණි.
පසුගිය යල කන්නයේදී ගොවීන්ට වී වගාව සඳහා හෙක්ටයාර් 01 කට යූරියා පොහාර ලබාදෙන ලද්දේ කිලෝග්‍රෑම් 100 ක් වශයෙනි. නමුත් මෙවර මහ කන්නයේදී 70% ක් රසායනික පොහොර සහ 30% ක් කාබනික පොහොර වශයෙන් යෙදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කිරීම මත වී වගාව සඳහා ලබාදෙන යූරියා පොහොර ප්‍රමාණය යල කන්නයට වඩා කිලෝග්‍රෑම් 76 කින් ඉහළ ගොස් ඇත. කුඹුරු හෙක්ටයාර් 01 කට යූරියා පොහොර කිලෝග්‍රෑම් 176 ක් ලබාදෙන අතරම, හෙක්ටයාර් 01කට වඩා වැඩි කුඹුරු සඳහා ලබාදෙන යූරියා පොහොර ප්‍රමාණය ද ඉහළ යනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
දැනට පොළොන්නරුව වැනි ගොවි ජනපදවල කුඹුරු හෙක්ටයාර් 02 ක් බැගින් එක් ගොවියෙකුට ලැබී තිබෙන නිසා ඔවුන්ට ලැබෙන යූරියා පොහොර ප්‍රමාණය කිලෝග්‍රෑම් 352 ක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.
මාස් කන්නයේදී වී වගාවට අවශ්‍ය යූරියා පොහොර සහ MOP පොහොර අවශ්‍ය මොහොතේම ලබාදීමට කටයුතු යොදා ඇතැයි ද ඇමතිවරයා මෙහිදී සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දන්නේ නැති හින්දයි අහන්නේ. මෙතෙක් කල් පොහොර නිකුත් කරනු ලැබුයේ සීමාවන්ට යටත්ව නොවේද.?