
(අංජුල මහික වීරරත්න)
ලෝක ආහාර වැඩසවහන යටතේ මියුරියේට් ඔෆ් පොටෑෂ් පොහොර මෙට්‍රික් ටොන් 55,000 ක් ප්‍රදානයක් වශයෙන් ශ්‍රී ලංකා රජයට ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලෝක ආහාර වැඩසටහන යටතේ මියුරියේට් ඔෆ් පොටෑෂ් පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ප්‍රදානයක් වශයෙන් ශ්‍රී ලංකා රජය වෙත ලබා ගැනීම සඳහා 2024-05-06 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇත.
ඊට අදාළ ත්‍රෛපාර්ශ්වීය ගිවිසුම ලෝක ආහාර සංවිධානය, Uralchem Uralkali Group සමාගම සහ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ස්ටේට් ෆර්ටිලයිසර් කම්පැනි ලිමිටඩ් විසින් 2024-09-20 දින අත්සන් තබා තිබේ. එකී පොහොර තොගය රැගත් නෞකාව 2024-12-10 දින මෙරටට පැමිණීමට නියමිතව ඇති අතර, පොහොර තොගය ශ්‍රී ලංකා රජය වෙත භාර දීමේ නිල උත්සවය 2024-12 - 12 දින කොළඹ වරායේදී සිදු කිරීමට සැලසුම් කර තිබේ.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද එම තොරතුරු සැලකිල්ලට ගෙන, එකී මුළු පොහොර තොගයෙන් 50%ක ප්‍රමාණයක් වී හා වෙනත් භෝග සඳහාත් ඉතිරි 50% පොල් වගාව සඳහාත් භාවිත කිරීම පිණිස ගොවීන් වෙත බෙදා හැරීමට අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කන්න, අඳින්න පිටරටින් එනතුරු ඇස්සට දත නියවනවා...