
(අංජුල මහික වීරරත්න)
යුරියා පොහොර ලබා දෙන අවස්ථාවේ වී ගොවීන් අස්වනු නෙළා අවසන් නම් ඔවුන්ට යුරියා පොහොර වෙනත් බෝගවලට යොදා ගැනීමට අවස්ථාව සලසා දිය යුතු යැයි කෘෂිකර්ම වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උපදෙස් මත වී වගා කළ ගොවීන් යම් කිසි අපහසුතාවයකට පත්ව ඇත්නම් එම ගොවි ජනතාවට පිහිටවීම රජයේ වගකීමක් යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
එම නිසා දැනට අස්වනු නෙලා අවසන්ව තිබුන ද වී ගොවීන්ට යුරියා පොහොර අවශ්‍ය නම් ඒවා ලබා දීමට ඇති හැකියාව සොයා බලන ලෙස ද අමාත්‍යවරයා පැවසීය.
ඉන්දීය යුරියා පොහොර ලැබීමෙන් අනතුරුව එ්වා දිවයින පුරා බෙදා හැරීමේ කටයුතු සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාබනික, යකා කියන තරම්ම කලුද කියලා යල කන්නයේ අස්වැන්නෙන් කිව්ව හැකියි.
හරිම අගෙයි. යල අස්වැන්න නෙලන විට හෝ පොහොර ලබාදීම... රටට දෙයියන්ගේම පිහිටයි.
ගොවියා කළගුණ සලකන්න ඔබතුමා හොයාගෙන පැමිණෙන විට ඔබතුමා පැනලා දුවන්නේ මොකද?
මේ ගොල්ලන්ගේ දිව්‍යලෝකෙට යන බුලත් වැලටත් ටිකක් දාන්න තියාගන්න...