
(ක.ග.කරුණාරත්න)
වී කිලෝවක් රුපියල් 120ට වඩා අඩුවෙන් දෙන්නට ගොවීන් සූදානම් නැතැයි පොලොන්නරුව ගොවි නායකයෝ කියා සිිටිති.
වකුගඩු දෙක බේරා ගැනීම සඳහා අපට කාබනික පොහොර යොදා වී වගා කරන්නැයි උපදෙස්දී දැන් රටින් ගේන හාල් කාබනිකදැයි ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බවද ඔවුහු කීහ.
කාබනික පොහොර භාවිතය නිසා අද ගොවීන්ට සිද්ධ වෙලා තියෙන දේ ගැන කතා කරනකොට සියයට 40ක් 50ක් වී අස්වැන්න අඩුවෙනවා.
දැන් අස්වැන්න නෙළන අනෙක් දිස්ත්‍රික්ක දිහා බලනකොට සීයට 60ක් විතර අඩුවෙලා.මේකට විකල්පයක් විදියට මහින්දානන්ද ඇමතිතුමා කියනවා මිලියන 40,000ක් වෙන්කරලා කියලා ගොවීන්ට වන්දි ගෙවන්න. මම ලංකාවේ ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ ප්‍රකාශය ගැන නැවත නැවත අධ්‍යයනය කරන්න.
මේ පරාක්‍රම සමුද්‍රය ව්‍යාපාර ගොවි සංවිධානයේ සභාපති ජගත් අරුණ කීර්ති මහතා මේ බව කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියාගෙන ඔයගොල්ලන්ටම කන්න පුළුවන්... ඔය ගණන් වලට හාල් ගන්න පාරිභෝගිකයින් සූදානම් නෑ...
අම්මපා ඩඩ්ලිගේ හාල්කැවිලාද කොහෙද? නැත්නම් ඩඩ්ලි උගේ හාල් මෙයාලාට කවලා. ඔයාලා 120ට වික්කාම අපි 250ටද කන්නේ..?
මම ගොවියන්ට උපදෙසක් දුන්නොත්, ඉහළ මිලකට ඔබේ අස්වැන්න විකුණන්න එපා කියලා තමයි කියන්නේ. මුදල් අවශ්‍යතාවය පරිදි විකුණන්න.
මේ "සෑර්" ට විකාරද මන්දා අහක යන නයි රෙද්ද අස්සේ දාගන්නේ.. විස නැත්නම් වස කාලා හරි ඉන්න දෙන්නේ නැතිව කාබනික දේවල් කවන්න ගිහින් "ෆේල්" වෙන්නමයි හදන්නේ... අපිට එපා මේ "සෑර්"... එපාමයි..
පෝර සහනාධාරය දෙන්න අවශ්‍ය මිලියන පනස්දහසක් පමණි. දැන් ආධාර දෙනවා මිලියන හතලිස් දහසක්... චීන අසූචි ගත්තේ නැතුවත් මිලියන 7ක් පමණ ගෙව්වා. ඉන්දියන් දියරෙට කොපමණ ගෙව්වාද දන්නේ නැහැ. ඒකත් මිලියන 10ක් කියමුකෝ..! එවිට මිලියන 57000 ක් පමණ වෙනවා. හරිම ලාබයි අප්පා. වසවිස නැති ආහාර දෙනවා කියමින් දැන් දෙන්න හදන රට හාල් කෑවාම විසනැතුව ඇති... සැලසුමක් නැතුව කරන වැඩ නිසා අනාගතයට රටක් ඉතිරි වේද?
අස්වැන්න අඩුවුණොත් දෙනවා කියන හානිපූර්ණයත් ගම් මට්ටමෙන් හිතවතුන් සමග බෙදාගෙන කාවි. පොහොර හදන්න අක්කරයට 10000 ක් දෙනවා කියපුවා ගොයම් පෑහෙන මේ කාලය වනවිටත් නැහැ. ඒවා දුන්නේ තෝරාගත් පිරිසකට පමණයි.
එහෙනම් පෙට්ටගමේ දාලා තියාගනිල්ලා... රවී කිව්ව විදිහට පිටරටින් සහල් ගෙන්වමු ලාබෙට... පාරිභෝගික අපිට ගොවියා පොහොසත් කරන්න කිසිම වුවමනාවක් නැහැ.
පොහොර සහනාධාර දෙන්නේ නැහැ. මහවැලි වතුර දෙන්නෙත් නැහැ. පුළුවන් නම් වගා කරපල්ලා.. බැරි නම් ඒත් වගා කරපල්ලා...
අපේ ගොවි මහතුන් ආඩම්බර වියයුතුයි... මහින්දානන්දගේ යුගයේ තමයි බර වැඩිවී ඇට නෙළන්නේ... එතරම් ඔහු දක්ෂයක් අස්වැන්න නෙළන්න කලින් වී ඇටේ බර කියන්න...
ගොවියාගේ පැත්තෙන් බලද්දී මේ ඉල්ලීම සාධාරණ ඇති. නමුත් එතකොට පාරිභෝගිකයාට මොකද වෙන්නේ? හාල් කිලෝ එකක් රු. 250ටත් වැඩිවෙයි...
රසායනික ගහල ගහලා, ඒවා මිශ්‍ර වතුර බීලා බීලා දිට්ඨධම්මවේදනීය කර්මය විඳිමින් තවතවත් වසවිසම ඉල්ලන්නත්, කළුකඩ අතර මැදියාගේ පැත්ත ගන්නත් මේ මිනිසුන් ආත්මාර්ථකාමී වෙලා...!!!
සර් එක්ක ඕවා බෑ පුලුවන්නම් දෙන්ඩ නැත්නම් යන්න.
පොළොන්නරුවේ ගොවියෝ කහින්නේ කොහොමත් මහමෝල් හිමියෝ පදයට නේ රුපියල් 120 ට වී විකුණල පාරිභෝගිකයෝ හාල් කන්නේ කීයටද මේ උන්දලා හිතා ඉන්නේ සමස්ථ රටේ ජනගහනයම ගොවියෝ කියලා. මඩ සෝදාගත් කල එකල රජකමටත් සුදුසු වු ගොවියා අද පක්ෂ දේශපාලනයෙන් මඩ තවරාගෙන.