
(සුජිත් හේවාජුලිගේ)
වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට ඉඩ දෙන්නැයි ආයතන ප්‍රධානීන් පිරිසක් රජයෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත.
තමන්ගේ පරිහරණයට අලුතින් වාහන ගැනීමට සිදුවුවහොත් මේ මොහොතේදී ඒ සදහා අතිරේක මූල්‍ය පිරිවැයක් දැරීමට සිදුවනු ඇතැයිද එම ප්‍රධානීන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
මේ අතර පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේ වැඩි එන්ජින් ධාරිතාව සහිත සුපිරි සුඛෝපභෝගී වාහන දෙකක් විකිණීමට මිල ගණන් කැඳවනු ලැබුවත් තක්සේරු මිල ගණන්වලට අනුව එම වාහන මිලදී ගැනීමට මෙතෙක් කිසිවෙකු ඉදිරිපත්ව නැතැයි වාර්තාවේ
මේ හේතුවෙන් එම වාහන දෙක සඳහා යළි ටෙන්ඩර් කැඳවීමට තීරණය කර ඇත. රජයේ ආයතන සන්තකයේ පවතින සුපිරි වාහන වෙන්දේසි කිරීමට රජය පසුගියදා ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තේය.
COMMENTS
ඇයි වෙන වර්ගයේ වාහනවල රෝද කැරකෙන්නේ නැද්ද?
V8 විකුණලා ලැබෙන සල්ලී වලින් සරළ වහන ටිකක් ගන්න පුළුවන් ඒ නිසා සල්ලී වල ප්‍රශ්න තියෙන්න විදිහක් නැහැ. සමහරුන්ට V8 නැතුව පස්ස තියන්න බැරි කමක් තියෙන්නේ, අලුතින් වාහන ගන්න තරු තියෙන වාහන වලින් ගේම ගහන්න පුරුදු වෙන්න.
ඔය එන්නේ ගොනා, පොල් පැලේ කන්න. ටිකෙන් ටික මවාගත් ව්‍යාජ ප්රතිරූප බිඳ වැටෙනවා...
මුන්ට V8 නැතුව හරි අමාරුයි නේද? යකෝ 1977 ට පෙර නඩුකාරවරයා ගියෙත්, කොමසාරිස්, ගියෙත් පොදු ප්‍රවාහනයේ.. ජඩ JR තමයි ඒවා විනාශ කළේ.
ඇයි අමතකද වේයෝ කාපු පෝෂ් ගැන එහෙම...?