
දෙවවැනි ලෝක සංග්රාමයෙන් පසුව ලෝකය පිළිගත් ක්‍රමවේදය බිඳ වැටෙමින් පවතින බවත් ඇමරිකාව පවා තීරු බදු යුද්ධයකට යමින් ආරක්ෂණවාදයට නැඹුරු වී ඇති අතර චීනය තීරු බදු යුද්ධයට පෙර තියා සූදානමින් සිටි බවත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය කොළඹදී පැවැත්වූ ගෝලීය දේශපාලන හා ආර්ථික ප්රවණතා පිළිබද සංවාදයේදී හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එසේ පැවසීය.
චීනය නව නිපැයුම් තුළින් වඩාත් ඉදිරියට පැමිණීමක් දැකිය හැකිය යැයි ද හිටපු අමාත්‍ය රණවක මහතා කීය.
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ මහ ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පැවසුවේ අලුත් වන ලෝකයේ ආර්ථික පෙරගමන්කරු බවට ආසියාව ගෙනයාමට චීනය විශාල ප්රයත්නයක් දරමින් සිටින බවත් නව නිපැයුම් සහ නවීකරණ ඔස්සේ ඉදිරියට යමින් පවතින චීනයෙන් රටක් විදිහට ගත හැකි පාඩම් රැසක් ඇති බවත් ඔහු සදහන් කළේය.
සංවාදයට එක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා ගෝලීය ගැටළු වලට මුහුණ දීමට අභ්‍යන්තර හා විදේශ ප්‍රතිපත්තිවලට පරිවර්තනයක් අවශ්‍යව බවත් ලෝක මට්ටමේ සිදුවෙමින් පවතින වෙනස්කම් හදුනා ගෙන ක්‍රියා කළ යුතු බවත් කීය.
කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ක්‍රිශාන්ති දිල්රුක්ෂි විමලසිරි මහත්මිය පැවසුවේ ගෝලීයකරණය සඳහා දායක වන රටවල් ගෝලීයකරණයෙන් ලෝකය පිටතට ගෙන ඒමට දැන් සිතමින් සිටින බවත් විවිධ ගැටලු හේතුවෙන් ඔවුන් එසේ කිරීමට අපේක්ෂා කළ ද සිතුවාට, ගෝලීය දකුණේ නැගිටීමත් සමග මේ වනවිට එය වෙනස් වෙමින් ඇති බවත් සදහන් කළාය.

COMMENTS
හද මෝදු වෙන කොට බල්ලො උඩු බුරනව. මෙයා කියන ඒවා පල කරන්ඩ හොදම තැන චිත්‍ර කථා පත්තර.
ලෝකය පිළිගත් ක්‍රමවේදය බිඳ වැටීමක් සිදුව නැත. සිදුවුයේ වර්තමාන ඇමෙරිකානු ජනදිපතිවරයා ගත් වෙළද ආර්ථික තින්දුනිසවෙනි. එම තීන්දු ගැනීමට හේතුව ඔහු වෙනත් රටවල් සමග වෙළද ගනුදෙනු කිරීමේදී එමරටවල් ඇමෙරිකාවට පනවන ලද Tariffs සහ ඇමෙරිකාව එම රටවලට ලබාදී තිබෙන්වූ අසීමාන්තික සහන හෝ බදු රහිත ප්‍රතිපත්තිය නිසාවෙනි. ඇමෙරිකාව ආර්ථික වසයෙන් ශක්තිමත් කිරීම ඔහුගේ අරමුණ වේ. එම නිසා බොහොරටවලට ලබාදී තිබු බදු සහන ඉවත්කිරීමට හෝ වෙනස්කිරීමට ඇමෙරිකාව සිදුකර ඇත. මිට පෙර අසිමන්තිකව ලබාදෙමින් තිබු USAIDS වැනි සහනාධාර ලබාදීමේ ක්‍රමවේදයන් වෙනස්කර තිබේ. එහිදී දුප්පත් රටවලට ලැබුණු හෝ දසක ගණනාවක් ලබාදෙමින් තිබු සහන ඉවත් කර ඇත. ඇමෙරිකාවේ ආර්ථිකය Market Driven Economy වේ. චීනයේ ආර්ථිකය government driven economy ආර්ථිකයකි. චීනයේ පවතින්නේ නිෂ්පාදන ආර්ථිකයකි. අතිබහුතරයක් නිෂ්පාදන දියුණු රටවලට ලබාදීම සිදුවේ. යුරෝපිය සහ ඇමෙරිකානු ආර්ථිකයට නිස්පාදනය වන්නාවූ products එම තත්වයෙන්ම ආසියානු රටවලට අලෙවිකිරිම්ට චීනයට නොහැකිය.