(යොහාන් භාසුර)

අභියාචනාධිකරණයේ නිර්දේශවලට අනුකූලව ලාෆ් ගෑස් සමාගම අද (22) මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ථ ගෑස් බෙදාහැරීම ආරම්භ කරන බව ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවසීය.

ඒ අනුය ලාෆ් ගෑස් සමාගම ද සිලින්ඩරයේ ගෑස් සංයුතිය මුද්‍රණය කර වෙළෙඳපොළට ඉදිරිපත් කරන අතර සැපයිය හැකි උපරිම ප්‍රමාණය ඉදිරියේදී වෙළෙදපොලට ලබාදීමට නියමිතය.